විනිසුරු වැටුපෙන් උපයන විට බද්ද ගෙවීමට එරෙහි පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
විනිසුරුවරුන්ගේ වැටුප් වලින් උපයන විට ගෙවීමේ බද්ද අය කිරිමේ තීරණය බල රහිත කිරිමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම් දෙකක් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට අභියාචනාධිකරණය තීරණය කළා.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මණ්ඩලය නියම කලේ අදාළ පෙත්සම් ලබන 22 වනදා කැදවීමටයි. විනිසුරුවරුන්ගේ වැටුප් වලින් බදු අය කිරීම වළක්වලමින් පනවා ඇති තහනම් නියෝගය එදින දක්වා දීර්ඝ කිරීමට ද තීරණය කෙරුණා.
ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමයයි මෙම පෙත්සම් ගොනු කර තිබුණේ.
The post විනිසුරු වැටුපෙන් උපයන විට බද්ද ගෙවීමට එරෙහි පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් appeared first on ITN News.