අධිකරණයට අපහාස කළැයි මුදල් ලේකම්ට එරෙහි පෙත්සම සළකා බැලීම මැයි 22
අධිකරණයට අපහාස කළේ යැයි මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොණු කළ පෙත්සම් දෙකක් සළකා බැලීම සඳහා මැයි මස 22 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා 2023 අයවැයෙන් වෙන් කළ මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 03 වනදා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට අතුරු නියෝගයක් නිකුත් කර තිබුණා.
එම නියෝගයට අනුව කටයුතු නොකිරීම තුලින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් මෙම පෙත්සම් දෙක ගොණුකර තිබෙනවා.
සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සහ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් යන මහත්වරුන් මෙම පෙත්සම් ගොණු කළා.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි පෙත්සම් විභාග කිරීම සිදු වන්නේ.
එහිදී නීතිපතිවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළව ලේඛණ ගොනු කිරීම සඳහා කල් ලබා දෙන ලෙස ද ඉල්ලීමක් කළා.
එම ඉල්ලීමට අවසර දුන් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් සළකා බැලීම සදහා මැයි මස 22 වනදා දක්වා කල් දැමුණා.
The post අධිකරණයට අපහාස කළැයි මුදල් ලේකම්ට එරෙහි පෙත්සම සළකා බැලීම මැයි 22 appeared first on ITN News.