මෙරටට ලැබුණු සංචාරක ආදායමේ පැහැදිළි වර්ධනයක්
2023 පෙබරවාරි මාසයේදී මෙරටට සංචාරකයින් එක් ලක්ෂ 7,639යෙකු පැමිණ තිබෙනවා.
ජනවාරි මාසයේදී පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව එක් ලක්ෂ 2,545ක්. 2022 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට පැමිණ තිබුණේ සංචාරකයින් 96,507ක් පමණයි.
මේ වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ රුසියාව, ඉන්දියාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය හා ප්‍රංශයෙන්.
2022 වසරේ ජනවාරි, පෙබරවාරි මාසවලදී සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 321ක් මෙරටට ලැබී තිබුණා. මේ වසරේ එම මාස දෙකේදී මෙරටට ලැබී ඇති සංචාරක ඉපයීම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 332ක්.
මේ අතර, මෙරටට ලැබෙන විදෙස් ප්‍රේෂණ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ 2023 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 407ක විදෙස් ශ්‍රමික ප්‍රේෂණ මෙරටට ලැබුණු බවයි.
The post මෙරටට ලැබුණු සංචාරක ආදායමේ පැහැදිළි වර්ධනයක් appeared first on ITN News.