පොළොන්නරුව දුෂ්කර පාසල්වල දරුවන්ගේ ක්රීඩා කුසලතා සංවර්ධනයට රු. මිලියන 3ක්
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසල්වල ඉගෙනුම ලබන පාසල් දරුවන්ගේ ක්රීඩා කුසලතා සංවර්ධනය සදහා ක්‍රීඩා අරමුදල මගින් රුපියල් මිලියන 3ක් වෙන් කිරීමට පියවර ගෙන තිබෙනවා.
අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම මුදල පරිත්‍යාග කර ඇති අතර දිවයින පුරා විසිරී සිටින ක්‍රීඩකයින් ජාතික හා ජාත්‍යන්තර තලයට ගෙන ඒම මෙහි අරමුණයි. පොළොන්නරුව රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය යටතේ ක්‍රියාත්මක පුලතිසි ක්‍රීඩා ඇකඩමිය සදහා පළමු අදියර යටතේ ක්‍රීඩා උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම සිදුකෙරුණා. පන්දු යොදන යන්ත්‍රයක් ඇතුළු රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනාකමකින් යුත් ක්‍රීඩා උපකරණ මෙහිදී පිරිනැමුණා.
පොළොන්නරුව රාජකීය මහා විද්‍යාලයේ විදුහල්පති රවිලාල් විජේවංශ, ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති අංජන අබේසිංහ, දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති පියතිස්ස බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා.
The post පොළොන්නරුව දුෂ්කර පාසල්වල දරුවන්ගේ ක්රීඩා කුසලතා සංවර්ධනයට රු. මිලියන 3ක් appeared first on ITN News.