ජාතික වෙසක් උත්සවය පුත්තලමේදී
මෙවර ජාතික වෙසක් උත්සවය සියලු ආගම්වල සහාය ඇතිව ඒකාබද්ධ වැඩසටහනක් ලෙස පුත්තලමේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ආගමික කටයුතු හා සහජීවනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සාකච්ඡා කෙරුණා.
මෙම කාරක සභාවේ ඉදිරි වැඩපිළිවෙල පිළිබද සාක්ච්ඡාවක් එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා.
බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතනවල කාර්ය භාරය විෂය පථය හා ඉදිරි වැඩපිළිවෙල මෙන්ම ගැටලු හදුනාගැනීම ද මෙහිදි සිදු කෙරුණා.
අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ඇතුළු නිලධාරීන් මෙහිදී අදහස් දැක්වුවා.
බෞද්ධ / මුස්ලිම් හා හින්දු යන ආගමික කටයුතු පිළිබද දෙපාර්තමේන්තු මෙන්ම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ඉදිරි වැඩපිළිවෙල ගැටලු පිළිබද මෙහිදි අවධානය යොමු වුණා.
එම ගැටලු විසදී ගැනිම සහ අමාත්‍යාංශීය වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සදහා ආංශික අධීක්ෂණ කාරක සභාව සහාය දක්වන බවයි මෙහිදි ප්‍රකාශ කෙරුණේ.
The post ජාතික වෙසක් උත්සවය පුත්තලමේදී appeared first on ITN News.