How can Sri Lankan charities find international donors and partners?

විදේශ රැකියා ඉලක්ක කරගත් වෘත්තීය පුහුණු වැඩසටහනකට ගිවිසුමක්

- itnnews.lk

ජපානයේ සාත්තු සේවක රැකියා, එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල හෝටල් ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථා, යුරෝපානු රටවලට සාත්තු සේවක රැකියා අවස්ථා, සෞදි අරාබියේ ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථා දැවැන්ත වශයෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විවෘත වී ඇති බවත්, මෙම රැකියා ඉල්ලුමට සරිලන පුහුණු ශ්‍රමිකයින් සපයාගැනීමට නොහැකිවී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සදහන් කළේය.

මෙම රැකියා අවස්ථා සම්පූර්ණ කරගැනීම සදහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයින් බිහි කරගත යුතු බවත්, විදේශ රැකියා ඉලක්ක කරගත් වෘත්තීය පුහුණුව ලබාදීම සදහා වෘත්තීය පුහුණු අධිකාරිය සමග ගිවිසුම් ගත වන බවත් අමාත්‍යවරයා පැවසුවේය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ වෘත්තීය පුහුණු අධිකාරිය අතර අද (18) උදෑසන අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ අතර එම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

මෙම අවභෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබාදෙන නිර්නායකයන්ට අනුව, විදේශ රැකියා සදහා අවශ්‍ය නිපුණතාවයන් සහිත වෘත්තිකයින් පුහුණු කිරීම, ඔවුන්ට අවශ්‍ය ජාතික වෘත්තීය සුදුසුකම් සහිතකය ලබාදීම සහ අනෙකුත් වෘත්තීය සහතික ලබාදීම ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය විසින් සිදු කරනු ලබයි. විදේශ රැකියා අවස්ථා ලබාදීමේදී වෘත්තීය පුහුණු අධිකාරියෙන් පුහුණුව ලැබූ ශ්‍රමිකයින්ට ප්‍රමුඛතාවය ලබාදීමට නියමිතය.

මෙම අවභෝධතා ගිවිසුම අනුව වෘත්තීය පුුහුණව සදහා සිසුන් ලියාපදිංචි කිම, ඔවුන්ට ප්‍රමිතිගත පුහුණුවක් ලබාදීම, ඔවුන්ගේ පුහුණුව නියාමනය කිරීම සහ සහතිකකරණය, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාර්ගෝපදේශයන්ට යටත්ව, සිදුකරනු ලබයි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ පවතින විදේශ සේවා නියුක්ති කාර්යාංශය පනත යටතේ විදේශ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් පුහුණු කිරීමේ අවස්ථාව තිබෙනවා. නමුත් පුහුණුව අපේ ප්‍රධාන කාර්යය නෙමෙයි. විදේශ රැකියා ක්ෂේත්‍රය නියාමනය කිරීම තමයි මේ ආයතනයේ ප්‍රධාන කාර්යය වෙන්නේ. ඒ වගේම විදේශ ගත ශ්‍රමිකයින්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධනය මෙම ආයතනයේ ප්‍රධාන වගකීමක් බවට පත් වෙනවා. රැකියා සදහා ශ්‍රමිකයින් පුහුණු කිරීම සදහා වන මූලික වගකීම් පැවරෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයට. වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට. විදේශ සේවා නියුක්ති කාර්යාංශය පුහුණු කාර්යයෙන් ක්‍රමයෙන් ඈත් වෙලා, රාජ්‍ය අංශයේ පවතින වෘත්තීය පුහුණු ආයතනවලට හා රජය පිළිගත පුද්ගලික වෘත්තීය පුහුණු ආයතනවලට භාරදීමට අපි තීන්දුවක් ගත්තා. ඒක ප්‍රතිපත්තිමය තීන්දුවක් විදියට ක්‍රියාත්මක කරනවා. අපි විදේශ ගත ශ්‍රමිකයින්ගේ හා පවුල්වල සුබසාධනය හා ආරක්ෂණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කරනවා.

වෘත්තීය පුහුණුව වෙනුවෙන් වෘත්තීය පුහුණු අධිකාරිය බිලියන තුනකට අධික මුදලක් වැය කරනවා. වෘත්තීය පුහුණුව තුළින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශාල ආදායමක් ලැබූ නමුත්, විදේශ රැකියා සදහා අවශ්‍ය කුසලතා සහිත ශ්‍රමිකයින් බිහි කිරීම, ශ්‍රම වෙලදපොලට අවශ්‍ය ආකාරයේ වෘත්තීය පුහුණුවක් ඇති කිරීම සදහා වෘත්තීය පුහුණු අධිකාරිය සමග අපි කටයුතු කරනවා. විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් යොමු කිරීමේදී, රැකියාවට අවශ්‍ය පුහුණුවක් නොමැතිවීම හා ලැබූ පුහුණුව විදේශ රැකියා සදහා ප්‍රමාණවත් නොවීම යන ගැටලු අපි හදුනාගෙන තිබුණා. වෘත්තීය පුහුණු අධිකාරිය සමග ඇති කරගනු ලබන ගිවිසුම අනුව විදේශ රැකියා සදහා අවශ්‍ය ශ්‍රමිකයෙක් නිර්මාණය කරගැනීමට හැකියාව ලැබෙනවා.

මෙතැනින් එහාට විදේශ ගත ශ්‍රමිකයාගේ සුබසාධනය, ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරනවා වගේම විදේශ ගත ශ්‍රමිකයා උපයන මුදල් හරි මාර්ගයෙන් ගෙන්වන වැඩසටහනට විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩි වශයෙන් මැදිහත් වෙනවා. පසුගිය අවුරුද්දේ මැයි මාසය වන විට ඩොලර් මිලියන දෙසීයකට විතර විදේශ සංචිත ප්‍රමාණය පහළ වැටිලා තිබුණේ. ඒ වගේ වැටිලා තිබුණ රට නැගිටුවන්න අපිට පුලුවන්කම ලැබිලා තිබෙනවා. අපේ ඉලක්කය වෙලා තිබුණේ විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් මාසයකට ඩොලර් මිලියන පන්සියයක මුදලක් මේ රටට ගෙන්වා ගැනීමයි. පසුගිය මාසයේදී විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් පමණක් ඩොලර් මිලියන පන්සිය අසූවක මුදලක් ගෙන්වා ගැනීමට අපිට හැකියාව ලැබුණා.

දැන් ලෝකයේ ශ්‍රම වෙළදපොලෙන් ලංකාවේ ශ්‍රමිකයින් ඉල්ලනවා. ලෝක ශ්‍රම වෙලදපොලේ ඉල්ලුම අනුව ශ්‍රමිකයින් සැපයීමට අපිිට නොහැකිවී තිබෙනවා. අද අපිට ජපානයෙන් ඉල්ලන ජපන් භාෂා පුහුණුව ඇති ශ්‍රමිකයින් යවා ගැනීමට නොහැකිවී තිබෙනවා. ජපානයෙන් ඉල්ලන සාත්තු සේවකයින් ප්‍රමාණය අපිට යවා ගැනීමට නොහැකිවී තිබෙනවා. එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල හෝටල් ක්ෂේත්‍රයට ඉල්ලන ශ්‍රමිකයින් සංඛ්‍යාව අපිට යවා ගැනීමට නොහැකිවී තිබෙනවා. යුරෝපය ඉල්ලන සාත්තු සේවකයින් සංඛ්‍යාව, අපිට යවා ගැනීමට නොහැකි වී තිබෙනවා. 2030 වසර වන විට ලෝකයේ ශ්‍රම වෙළදපොලට හෙදියන් ලක්ෂ තිස් පහක ඉල්ලුමක් තිබෙනවා. ඒ සංඛ්‍යාව අපිට යවා ගැනීමට නොහැකිවී තිබෙනවා. සෞදි අරාබියේ ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් විශාල වර්ධනයක් ඇතිවී තිබෙනවා. ඩොලර් බිලියන පන්සියක ආයෝජනයක් සහිත නියෝම් සිටි ව්‍යාපෘතිය සදහා ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් ශ්‍රමිකයින් විශාල පිරිසක් අවශ්‍ය වෙනවා. ජපානයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රෙය් ඉල්ලුමක් තිබෙනවා.

කොරියාවේ වෑද්දුම්කරුවන් සදහා විශාල ඉල්ලුමක් ඇතිවී තිබෙනවා. අපිට මේ රැකියා ඇබෑර්තු ලැබෙන විට යැවීමට සුදුසුකම් සහිත ශ්‍රමිකයින් සොයා ගැනීම පිළිබද අර්බුදයක් මතුව තිබුණා. වෘත්තීය පුහුණු අධිකාරිය, කොරියන් ටෙක් ආයතනය සමග එකතුවෙලා දැනට අපිට කොරියාවේ වෑද්දුම්කරුවන් විදියට හාරසියයකට ආසන්න පිරිසක් යැවීමට හැකිවී තිබෙනවා. කොරියාවේ නැව් කර්මාන්තය, ජපානයේ නැව් කර්මාන්තය අපිට විවෘත වී තිබෙනවා. පසුගිය සතියේදී ජපානයේ කළ සංචාරය අනුව අපිට ගොඩනැගිලි නඩත්තු සේවයේ, ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියා රැසක් විවෘත කරගැනීමට හැකියාව ලැබුණා. ගුවන් යානාක්ෂේත්‍රයත් ලංකාවට විවෘත වෙනවා.

අපිට ලැබෙන විදේශ රැකියා අවස්ථාවන් සදහා අවශ්‍ය ශ්‍රමිකයින් බිහි කරගැනීමට වෘත්තීය පුහුණු අධිකාරියේ පූර්ණ සහාය අපි අපේක්ෂා කරනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩ බලන සභාපති නීතීඥ සමින්ද ජයසේකර මහතා සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති විශ්‍රාමික එයාර් වයිස් මාර්ශල් ප්‍රසන්න රණසිංහ මහතා මෙම ගිවිසුමට අත්සන් තැබූ අතර අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද, විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

The post විදේශ රැකියා ඉලක්ක කරගත් වෘත්තීය පුහුණු වැඩසටහනකට ගිවිසුමක් appeared first on ITN News.

You may also like

- adaderana.lk

The 22nd ASEAN Regional Forum (ARF) Inter-Sessional Meeting on Disaster Relief was held virtually earlier this week, hosted by Vietnam and co-chaired by Bangladesh, Sri Lanka and Vietnam, and attended by 55 participants from ARF member countries.

- onlanka.com

The National Water Supply & Drainage Board (NWSDB) has announced that a 14-hour water cut will be implemented in several areas of the Colombo District starting from Saturday evening (April 27).The post Multiple areas in Colombo district to experience 14-hour water cut today appeared first on Sri Lanka Breaking News | Latest News | ONLANKA.

- adaderana.lk

US Defense Secretary Lloyd Austin announced on Friday a $6 billion long-term military aid package for Ukraine  the largest to date  which will allow the US to purchase new equipment produced by the American defense industry for the Ukrainian military.

- colombogazette.com

By Easwaran Rutnam The Sri Lanka labour court ruled against the BBC for prematurely terminating the contract of top journalist Azzam Ameen.  Issuing a judgement, the Labour Court ruled that ending the contract of BBC Sri Lanka correspondent Azzam Ameen was unreasonable and unjustifiable. Accordingly, the judge ordered the BBC to pay compensation to the […]

- island.lk

The Pentagon says it will “rush” Patriot air defence missiles and artillery ammunition to Ukraine as part of its new military aid package. The US will utilise $6bn (£4.8bn) for this purpose, Defence Secretary Lloyd Austin revealed on Friday. Patriot air defence batteries are not included. Ukrainian President Volodymyr Zelensky said Patriots were “urgently” needed […]

- island.lk

Weather forecast issued at 05.30 a.m. on 27 April 2024 by the Department of Meteorology Misty conditions can be expected at some places in Western, Sabaragamuwa, Central and Uva provinces during the morning. Showers or thundershowers may occur at a few places over the coastal areas from Galle to Hambantota via Matara during the morning […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc