රොස්වුඩ් වත්තේ සුද්දා අත්අඩංගුවට
හොරණ නගරයේ සිදුවන අපරාධ සහ සොරකම් රැසකට සම්බන්ධ රොස්වුඩ් වත්තේ සුද්දා නමැත්තා සමග තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 8 වනදා හොරණ නගරයේ පැවති සංගීත සංදර්ශනයකදී මුදල් සහ දේපල කොල්ලකෑමේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුවයි ඊයේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඉකුත් අප්‍රේල් 8 වනදා සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් හොරණ නගරයේ පැවති සංගීත දර්ශනය සහ සැණකෙළිය නැරඹීම සඳහා හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ තරුණයන් පිරිසක් පැමිණි වෑන් රථයක් මාර්ගයක නවතා තිබියදී ප්‍රධාන සැකකරු වන “රොස්වුඩ් වත්තේ සුද්දා” නමැත්තා වෑන් රථයේ පිටුපස දොරෙන් ඇතුළුවී වෑන් රථය තුළ භාණ්ඩ සහ විදෙස් මුදල් සොරකම් කර තිබුණා.
ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ හොරණ මූලස්ථාන පොලිසිය සීසීටීවී දර්ශන ඔස්සේ සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී සොරකම සම්බන්ධයෙන් සියලු තොරතුරු අනාවරණය කර ගත් බවයි පොලීසිය පැවසුවේ
සැකකරු අනාවරණය කළ තොරතුරු අනුව සොරාගත් ජංගම දුරකථනය සහ අනෙකුත් දේපළ රැගෙන ගොස් විකුණූ පුද්ගලයා සහ ඒවා මිලදී ගත් පුද්ගලයාද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
The post රොස්වුඩ් වත්තේ සුද්දා අත්අඩංගුවට appeared first on ITN News.