කේරල ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
කැලණිය අවට ප්‍රදේශයේ කේරල ගංජා ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදීයි මෙම කේරල ගංජා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සපුගස්කන්ද ගලහිටියාව මංසන්ධියේ දී වැටලීම ක්‍රියාත්මක කෙරුණා.
එහිදී කේරල ගංජා කිලෝග්‍රෑම් දෙකකට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනා.
ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ජාවාරම සිදුකරන ආකාරය පිළිබඳව තොරතුරු හෙළිකරගෙන තිබෙනවා.
The post කේරල ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.