මත්පෙති සමඟ සැකකරුවන් දෙදෙනෙකු යාපනයේදී අත්අඩංගුවට
මත්පෙති 500ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ යාපනය කඳවුරේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව වැටලීමක් සිදු කළා.
චුන්නාකම් මයිලන්කාඩු ප්‍රදේශයේ සිදු කළ එම වැටලීමේදී යතුරුපැදියකින් මත්පෙති 500ක් ප්‍රවාහණය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා.
ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා චුන්නාකම් පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කළ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
The post මත්පෙති සමඟ සැකකරුවන් දෙදෙනෙකු යාපනයේදී අත්අඩංගුවට appeared first on ITN News.