නුවරඑළියේ ඉදිකිරීම්වලට සීමා
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4කට වැඩි නව ගොඩනැගිලි ඉදි කිරීම ලබන පළමුවනදා සිට සීමා කෙරෙනවා.
අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් නුවරඑළිය නගරයේ සුන්දරත්වය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව හදුනාගෙන තිබෙනවා. එය සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් සිදු කර ඇති අතර සංචාරක සංවර්ධන ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව ද පැන නැගී තිබෙනවා. එම සැලැස්ම සියලු පාර්ශ්වයන් සම්බන්ධ කරගනිමින් ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.
නව ගොඩනැගිලි ඉදිකිරීම නියාමනයට කාර්ය සාධන බලකායක් පත් කෙරෙන අතර ලබන 01 වනදා සිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4 කට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීමද සීමා කිරීමටයි කැබිනට් අනුමැතිය හිමි වුණේ.
The post නුවරඑළියේ ඉදිකිරීම්වලට සීමා appeared first on ITN News.