How can Sri Lankan charities find international donors and partners?

විසි එක්වන සියවසට සරිලන අධ්යාපන ක්රමයක් හදනවා – ජනපති

- itnnews.lk

රටේ අධ්‍යාපන ක්‍රමය වක්‍රව හෝ සෘජුව කඩාකප්පල් කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත් අවශ්‍ය නම් එම ක්‍රියාවන්ට එරෙහිව නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රටේ අනාගතය තීරණය කරනු ලබන්නේ අධ්‍යාපනය බව අවධාරණය කළ ජනාධිපතිවරයා 21 වන සියවසට සරිලන අධ්‍යාපන ක්‍රමයක් ඇති කර ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ නාමය ඔසවා තැබීමට කටයුතු කරන බව යි ඒ මහතා කියා සිටියේ.

එම අධ්‍යාපන ක්‍රමවේදය සැලසුම් කිරීම සඳහා නව අමාත්‍ය කමිටුවක් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී පත් කළ බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමා, අගමැතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකුගෙන් එය සමන්විත බව ද කියා සිටියා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මාතර රාහුල විද්‍යාලයේ “රහල් සියවස් ප්‍රතාප” සියවස් සැමරුම් උත්සවයට අද (25) පෙරවරුවේ එක් වෙමින.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළේදී අධ්‍යාපන ක්ෂේත්‍රය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බවත්, රට තුළ නව අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම රජයේ අපේක්ෂාව බවත්ය.

ඉදිරියේ දී අධ්‍යාපනය නවීකරණය වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට රජය සූදානම් බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ වැදගත්ම ජාතික සම්පත තරුණ පරපුර බවත් අනාගත පරපුරට විධිමත් අධ්‍යාපනයක් ලබා දීම තුළින් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බවත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා …

මාතර, රාහුල විද්‍යාලයේ සියවස් සැමරුම වෙනුවෙන් මට ආරාධනා කිරීම පිළිබඳ ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. රාහුල විද්‍යාලය පිළිබඳව කතා කිරීමේදී එහි ආදි කතුවරුන් පිළිබඳව සිහිපත් කළ යුතුයි. ගෝඩ්න් පියස් මැතිතුමා, එන්.ඩී.ටී. රාජපක්ෂ නොතාරිස් රාළහාමි, සී.ඒ. ඕදිරිස් සිල්වා මැතිතුමා විශේෂයෙන් සිහි කිරීමට අවශ්‍යයි.

ඒ වගේම මාතර ප්‍රධාන පෙළේ පවුල් සියල්ලම වගේ රාහුල විද්‍යාලයේ දියුණුව වෙනුවෙන් ආධාර උපකාර කළා. සී.ඒ ඕදිරිස් සිල්වා මැතිතුමා පිළිබඳ සිහි කරන විට එතුමා පමණක් නොවෙයි කන්ද උඩආරච්චිගෙ පවුලේ එතුමාගේ පුත්‍රයත් අප මතක තබාගත යුතුයි. ආරියතිලක මැතිතුමා, ධර්මපාල මැතිතුමා, හරිස්චන්ද්‍ර මැතිතුමා ඇතුළු සියලුදෙනා ඒ අතර සිටිනවා.

එමෙන්ම මම දේශපාලනයට පිවිසෙන විට ධර්මපාල මැතිතුමා මට විශාල ලෙස උපකාර කළා. මම ජනතාව ආමන්ත්‍රණය කළ පළමු රැස්වීම වුණේ එතුමා විසින් සංවිධානය කළ දෙවුන්දර රැස්වීම. පසුව වරින් වර මට එතුමාව මුණගැසුණා. ඒ සෑම අවස්ථාවකම මේ රාහුල විද්‍යාලය ගැන කතා කළා.

ඒ වගේම 1977 ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව එතුමා මගින් මෙම පාසලට උදව් උපකාර ලබා ගත්තා. 1980 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මේ පාසලට පැමිණියේ ධර්මපාල මහතා කළ ඉල්ලීම අනුවයි. මම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිටින සමයේත් එතුමා පැමිණ මේ රාහුල විද්‍යාලය පිළිබඳ කතා කරනවා.

එතුමා අපේ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙක් වගේම එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ නායකයෙක් නිසා එතුමාගේ ඉල්ලීම් අපි කෙසේ හෝ ඉටු කර දෙනවා. ඒ වගේම මෙම පාසල සඳහා උපකාර කළ තවත් පවුල් ගණනාවක් සිටිනවා. වනිගසේකර පවුල, විජේතුංග පවුල ඒ සියලුදෙනා මම මෙම අවස්ථාවේ දී සිහිපත් කරනවා.

අද මාතර රාහුල විද්‍යාලය ලංකාවේ ප්‍රධාන විද්‍යාලයක්. මේ රටට සේවය කරන බොහෝ දෙනෙක් මේ විද්‍යාලයෙන් බිහි වූ අය බව කිවයුතුයි. මේ සියවස තුළ රාහුල විද්‍යාලය රටට කළ සේවයට මම ස්තූති කරනවා.

මම ජනාධිපතිවරයා ලෙස සෑම විටම විශ්වාස කරන්නේ රටේ තරුණ පරපුරට ලබාදය හැකි හොඳම තිළිණය අධ්‍යාපන කියලයි. විශේෂයෙන්ම 19 වන සහ 20 වන ශතවර්ෂයේ පාසල් ගණනාවක් ආරම්භ කළේ 20 වන ශතවර්ෂයට ඔබින අධ්‍යාපනයක් ලබාදීම සඳහායි. ඒ සමඟ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය ලබා දුන්නා. මධ්‍ය මහා විද්‍යාල ලබාදුන්නා. මේ සියල්ලන්ගෙන්ම 20 වන ශතවර්ෂයට ඔබින අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කෙරුණා.

නමුත් අපි දැන් සිටින්නේ 21 වන ශතවර්ෂයේ. එසේ නම් අපි 21 වන ශතවර්ෂයට ඔබින අධ්‍යාපනයක් රටේ දරු පරපුරට තිළිණ කළ යුතුයි.

මේ විද්‍යාල භූමියේදී මම එක පුතෙකුගෙන් ඇහුවා ඔහුගේ වයස කීයද කියලා. ඔහු මට පිළිතුරු දුන්නා අවුරුදු දහයයි කියලා. එම පුතා තව අවුරුදු හැත්තෑවක් ජීවත් වුණොත් 2090 වන තුරු ජීවත් වෙනවා. ඉතින් මේ කාලයට මුහුණ දිය හැකි අධ්‍යාපන ක්‍රමයක් අද තිබෙනවද? අපි එම අධ්‍යාපන ක්‍රමය ඇති කළ යුතුයි.

රජය අද කටයුතු කරන්නේ 2048 සහ ඉන් ඉදිරිය ඉලක්ක කර ගනිමින්. ඒ සමඟම 2035 වන විට රට තුළ හොඳ අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. ඊළග වසර දෙක තුන තුළදී නව ආර්ථික වැඩපිළිවෙළ වෙනුවෙන් අපි මුදල් යෙදවිය යුතුයි. ඉන්පසුව අපට ලැබෙන මුදල්වලින් විශාල කොටසක් අධ්‍යාපන නවීකරණ වැඩසටහන් සඳහා යෙදවීමට අපි අපේක්ෂා කරනවා. එසේ නම් අනාගතයට මුහුණ දිය හැකි අධ්‍යාපන ක්‍රමවේදයක් අපි ඇති කළ යුතුයි. මොකද අපේ රටට තිබෙන එකම ජාතින සම්පත මේ තරුණ පිරිසයි. ඔවුනට හොඳ අධ්‍යාපනයක් ලබාදී අනාගතය ගොඩනඟා දිය යුතුයි.

සිංගප්පුරුව කියන්නේ ජල සම්පතවත් නැති රටක්. එහෙත් ඔවුන්ගේ ජාතික සම්පත තරුණ පරපුර ලෙස සලකමින් ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙනවා. ඊශ්‍රාලය කිසිම සම්පතක් නැති රටක්. නමුත් අද හොද අධ්‍යාපනයක් සහ තාක්ෂණයක් ඊශ්‍රාලයේ තිබෙනවා. ඒ වගේම කඳු සහ හිම විතරක් ඇති ස්විස්ටර්ලන්තය මානව සම්පත සංවර්ධනයෙන් ඉදිරියට පැමිණ තිබෙනවා. එසේ නම් අපිත් මේ සමඟ ඉදිරියට යා යුතුයි.

අද මේ ගුරු මණ්ඩලයෙන් ඇසුවොත් මේ අධ්‍යාපන ක්‍රමය අනුව 2050 වන තෙක්වත් ඉදිරියට යා හැකි ද කියා පිළිතුර “නොහැකි” යන්නයි. එසේ නම් අපි කඩිනමින් අධ්‍යාපන නවීකරණයකට යා යුතුයි.

 

The post විසි එක්වන සියවසට සරිලන අධ්යාපන ක්රමයක් හදනවා – ජනපති appeared first on ITN News.

You may also like

- adaderana.lk

Sri Lanka has shown a significant drop in annual birth rate while the number of annual deaths has increased since 2020, the Registrar General s Department revealed.

- adaderana.lk

State Minister of Finance Shehan Semasinghe says that Sri Lanka s economy has been stabilized with the continuous appreciation of Sri Lankan Rupee, and the growth is now emerging.

- colombogazette.com

Efforts to attract international players to invest in Sri Lanka’s Oil and Gas exploration in the Mannar Basin have once again been gridlocked by legal challenges in the Court of Appeal. A statement noted that Sri Lanka’s efforts to attract and leverage international investment into exploration and commercialisation two blocks adding to over 5,000 square […]

- adaderana.lk

Former President Maithripala Sirisena has dismissed recent reports claiming that he is moving to South Korea, asserting that he has no such plans to relocate to any other country.

- adaderana.lk

The committee tasked with addressing administrative issues within Sri Lanka Police, including the delays in disciplinary inquiries, has submitted its report to Inspector General of Police (IGP) Deshabandu Tennakoon.

- colombotelegraph.com

[…]The post Sri Lanka’s Political Landscape: Navigating A Tripartite Contest appeared first on Colombo Telegraph.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc