හංගේරියා ණය ආධාර යටතේ ක්රියාත්මක මෙරට ගුවන් පාලම් ව්යාපෘති කඩිනමින් අවසන් කිරීමට එකඟතාව
හංගේරියා ණය ආධාර යටතේ ක්රියාත්මක මෙරට ගුවන් පාලම් ව්යාපෘති කඩිනමින් අවසන් කිරීමට එකගතාව පළ වුණා.
හංගේරියා රජයේ යූරෝ මිලියන 52 ක ණය ආධාර යටතේ ගුවන් පාලම් දෙකක ඉදිකිරීම් සිදු කෙරෙනවා.
ඒ කොහුවල මංසන්ධියේ සහ ගැටඹේ මංසන්ධියේයි.
මෙම පාලම්වල ඉදිරි කටයුතු පිළිබද සාකච්ඡාවක් හංගේරියා රජයේ බලධාරීන් සහ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර අද පැවැත්වුණා.
ඒ අමාත්‍යාංශ කාර්යාලයේදීයි.
පළමුවෙන් කොහුවල ගුවන් පාලමත්, අනතුරුව ගැටඹේ ගුවන් පාලමත් කඩිනමින් ඉදිකිරීමට හංගේරියා නියෝජිත පිරිස මෙහිදී එකගතාව පළ කර තිබෙනවා.
The post හංගේරියා ණය ආධාර යටතේ ක්රියාත්මක මෙරට ගුවන් පාලම් ව්යාපෘති කඩිනමින් අවසන් කිරීමට එකඟතාව appeared first on ITN News.