අනවසරෙන් මැණික් ගැරූ 06 දෙනෙකු අත්අඩංගුවට
හැටන් සිට මහවැලි ගඟට ජලය ගලා බසිනා හැටන්ඔය රක්ෂිතයේ බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හැටන් ස්තැඩන් වත්ත අසලින් ගලා බසිනා හැටන්ඔය රක්ෂිතයේ කිසියම් පිරිසක් පරිසර විනාශයක් කරමින් අනවසරෙන් මැණික් ගරන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.
එහිදී මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් පොලිස් භාරයට ගත් බවයි මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.
සැකකරුවන් එම වතුයායේම පදිංචිකරුවන් වේ.
The post අනවසරෙන් මැණික් ගැරූ 06 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.