ඉන්දීය ගුවන් හමුදා ප්රධානී ශ්රී ලංකා නාවික හමුදාපති හමුවෙයි
සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී, එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞධාරි මහතා අද දින (02) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා හමු විය.
ඒ අනුව, නාවික හමුදා මූලස්ථානයට පිවිසි ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞධාරි වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උත්තමාචාරය පිරිනමන ලදී. අනතුරුව, නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී, එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞධාරි, නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් පසු ඔහු වෙත නාවික හමුදා කළමණාකරන මණ්ඩලය හඳුන්වාදීමට කටයුතු කෙරිණි.
මෙම නිල හමුවේදී, ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී සහ ශ්‍රී ලංකා නාවික හමුදාපති අතර ද්විපාර්ශ්වීය වශයෙන් දෙරටේ සමුද්‍රීය ආරක්‍ෂාව සම්බන්ධ වැදගත් කරුණු සහ දෙරටේ දිගුකාලීන මිත්‍රශීලී සබඳතාවය පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්වීමෙන් අනතුරුව, මෙම හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර, සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
එමෙන්ම, මෙම නිල හමුව සනිටුහන් කරමින් ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී, එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞධාරි, ශ්‍රී ලංකා නාවික හමුදාපති ඇතුළු නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති කාර්යාලයේ විශේෂ අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක් තැබීමද සිදු කෙරිණි.
The post ඉන්දීය ගුවන් හමුදා ප්රධානී ශ්රී ලංකා නාවික හමුදාපති හමුවෙයි appeared first on ITN News.