ඇමෙරිකාව මෙක්සිකෝ දේශ සීමාවේ හමුදා භටයින් 1500ක් යොදවයි
මෙක්සිකෝ දේශ සීමාව වෙත හමුදා භටයින් 1500ක් තාවකාලිකව යොමු කිරීමට ඇමෙරිකාව තීරණය කර තිබෙනවා.
මේ මාසය අවසානයේ දී ඇමෙරිකාව කොවිඩ් 19 දේශසීමා සංක්‍රමණ නීති ඉවත් කිරීමත් සමඟ මෙක්සිකෝ හරහා විශාල පිරිසක් අනවසර ලෙස ඇමෙරිකාවට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
එය වැළැක්වීමේ අරමුණිනුයි මෙසේ හමුදා භටයින් යෙදවීමට සුදානම් වන්නේ.
එමෙන්ම ජාතික ආරක්ෂක භටයන් 2500ක් නිරතුරුවම යෙදවීමට ද ඇමෙරිකාව සැලසුම් කර තිබෙනවා.
ඇමෙරිකා ජනාධිපති තරගයට ඉදිරිපත්ව සිටින ජෝ බයිඩ්න්ගේ ප්‍රතිපත්ති අතර දේශසීමා ආරක්ෂාව තර කිරීම ද එක් යෝජනාවක් වනවා.
The post ඇමෙරිකාව මෙක්සිකෝ දේශ සීමාවේ හමුදා භටයින් 1500ක් යොදවයි appeared first on ITN News.