සියලු දන්සැල් මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ දැඩි අවධානයට
එළඹෙන වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දන්සල් සංවිධානය කිරීමේදී සෞඛ්‍ය උපදෙස් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම සංවිධායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.
මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ පාචන රෝගය පැතිර යාමේ අවදානමක් ඇති බැවින් ඒ පිළිබඳ වැඩි සැලකිල්ලක් යොමු කළ යුතු බවයි.
දන්සල් සඳහා යොදා ගන්නා භාණ්ඩද සිය නිලධාරීන් විසින් මෙවර දැඩි පරීක්ෂාවට ලක් කරන බවද මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් කියා සිටියා.
The post සියලු දන්සැල් මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ දැඩි අවධානයට appeared first on ITN News.