නැවුම් තේ මංගල්යය නුවරඑළියේදී

- itnnews.lk

වසර දෙසියකට අධික කාලයක පෞඩ ඉතිහාසයකට උරුමකම් කියනතේ කර්මාන්තයේ සියලු පාර්ශව සඳහා ආශිර්වාද ලබා ගැනීමට වාර්ෂිකව පැවැත්වෙන නැවුම් තේ මංගල්‍යය නුවරඑළිය දිස්ත්‍රික් සර්ව ආගමික ආශිර්වාදාත්මක වැඩසටහන ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) දිනය පුරාවට නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික ආගමික සිද්ධස්ථානකිහිපයක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියහා එක්ව ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සංවිධානය කෙරූ ජාතික නැවුම් තේ මංගල්‍යයේ ප්‍රධානජාතික සැමරුම් වැඩසටහන  වැවිලි කර්මාන්ත කටයුතු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ මූලිකත්වයෙන් කොටපල  ඓතිහාසික ගැටබරුව රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණු අතර ඊට සමගාමීව දිස්ත්‍රික්ක 12ක් ආවරණය වන පරිදි ලංකාව පුරා ආගමික ස්ථාන08ක මෙම වැඩසටහන පැවැත්වීමට කටයුතු යොදා තිබුණා.

තේ කර්මාන්තයේ  දායකවන සියලු පාර්ශවයන්ට ආශිර්වාද කිරීම, ශක්තිය, ධෛර්යය සහ තිර ජීවනය  අධිෂ්ඨානය ඇති කිරීම , තේ කර්මාන්තයට පුරෝගාමී වූ තේ කර්මාන්තයේ පියා ලෙස හඳුන්වන ජේම්ස් ටේලර් මැතිතුමා සිහි කිරීමහා මේ දක්වා තේ කර්මාන්තයේ උන්නතියට ජීවිත කැපකල සියලු දෙනා සිහි කිරීමේ අරමුණින් මෙම වැඩසටහන 2018 වර්ෂයේ සිට අඛණ්ඩවම සෑම වෙසක් පුර පසලොස්වක පොහෝ දිනකම වාර්ෂිකව සංවිධානය කිරීමට ශ්‍රී ලංකා තේ මණ්ඩලය කටයුතු කරයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නැවුම් තේ මංගල්‍යය 2023 වැඩසටහන සර්වආගමික වැඩසටහනක් ලෙස උදෑසන 9.00ට නුවරඑළිය ස්වර්ණගිරි විවේක සේනාසනයේද,  උදෑසන 11.00 ට සීතාඑළිය  සීතා අම්මාන් කෝවිලේ හා සවස 03.00 ට නුවරඑළිය ශුද්ධ ත්‍රිත්වකතෝලික දේවස්ථානයයන ඓතිහාසික සිද්ධස්ථාන  03 මූලික කර ගනිමින් පැවැත්වීමට කටයුතු කර තිබුණා.

සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු පලමුව නිෂ්පාදිත නිමි තේ වලින් ලබා ගත් අග්‍රඵල කොටස සහ නැවුම්ව නෙලා ගත් අමු තේ දළු ආගමික ශාස්තෘවරුන්ට පූජා කිරීම මෙම අවස්ථාවේදී සිදු කෙරුණා.

දිනය පුරා නැවුම් තේ මංගල්‍යයට සමගාමීව පැවැත්වූ ආගමික ආශිර්වාදාත්මක වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා තේ මන්ඩලයේ  සභාපතිනිරාජ් ද මෙල් මහතා , නුවරඑළිය සහකාර තේ කොමසාරිස් කුමාරසිරි සමරවීර මහතා ,  ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ ප්‍රධාන අධ්‍යක්ෂකඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය , ශ්‍රී ලංකා තේ මන්ඩලයේ ප්‍රාදේශීය කළමණාකරුවන්  , කුඩා  තේ වතු සංවර්ධන අධිකාරියේ නිළදාරින් , නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන වල ප්‍රධානීන් හා  නිළදාරින් , තේ කර්මාන්තය ආශ්‍රිත ආයතනවල සියලුම ප්‍රාදේශීය නිලධාරින් ,  නුවරඑළිය දිස්ත්‍රික්කයේ තේ කර්මාන්තශාලා හිමියන් වතු අධිකාරිවරුන් , මධ්‍යම සහ කුඩා තේ වතු හිමියන් , ලියාපදිංචි අමු තේ දළු වෙළදුන්ඇතුළු විශාල පිරිසක්සහභාගි වී සිටියා.

The post නැවුම් තේ මංගල්යය නුවරඑළියේදී appeared first on ITN News.

You may also like

- adaderana.lk

An ammunition explosion at a base in southwestern Cambodia on Saturday afternoon killed 20 soldiers and wounded several others, Prime Minister Hun Manet said.

- adaderana.lk

President Ranil Wickremesinghe emphasized the government s aim to create a highly competitive, export-oriented economy based on market economy, expressing full faith in the business community of the country.

- adaderana.lk

The Indian Government on Saturday said it has allowed exports of 99,500 tonnes of onions, mainly sourced from Maharashtra, to six neighbouring countries despite the ban on shipments.

- adaderana.lk

The Ministry of Education says that the cabinet memorandum submitted regarding the removal of salary disparities and allowances of the non-academic staff of state universities will be submitted to the ministerial sub-committee.

- colombotelegraph.com

[…]The post Debate Between Presidential Candidates First: A Point Of View  appeared first on Colombo Telegraph.

- adaderana.lk

The Mini Cooperation Afloat Readiness and Training (CARAT) bilateral exercise 2024 between the United States Pacific Fleet and the Sri Lanka Navy came to a successful end on Friday (26).

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc