ශ්රී ලාංකික විද්යාඥයෝ : අම්පාරේ සිට ඇමෙරිකාවට ගොස් විශ්වයේ රහස් සොයන 'නෙෂාද්'
''උසස් පෙළ කාලේ පෞද්ගලික ප්රශ්නයක් නිසා මට මාස හයහතක් ඉස්කෝලේ යන්න, පන්ති යන්න බැරි වුණා. බොහෝ දෙනෙක් හිතුවේ නැහැ අඩු තරමේ මම පළවෙනි වතාවේ උසස් පෙළ ලියයි කියලා. ඒත් මම අවසානයේ කොහොමහරි විභාගය ලියලා ඉංජිනේරු පීඨයට තේරුණා. මගේ ආසාව නිසා ඉංජිනේරු පැත්ත අතහැරලා භෞතික විද්යාවෙන් ඉස්සරහට යන්න හිතුවා.'' යනුවෙන් ඔහු පැමිණි ගමන් මග විස්තර කරමින් නෙෂාද් අමරසිංහ BBC සිංහල සේවයට කියා සිටියේය.