ජාත්යන්තර සමුද්රීය ආරක්ෂක සම්මන්ත්රණයට නාවික හමුදාපති සහභාගී වෙයි
සිංගප්පුරුවේ පැවති 2023 සමුද්‍රීය හා ආර්කෂක ප්‍රදර්ශනය හා ජාත්‍යන්තර සමුද්රීය ආරක්ෂක සම්මන්ත්රණයට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා සහභාගී වී තිබෙනවා.
සිංගප්පුරුවේ චැංගි ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පසුගිය 3 වනදා සිට 5 වනදා දක්වා ප්‍රදර්ශනය පැවැත්වුණා.
ආසියා කලාපයේ පැවැත්වෙන ප්‍රමුඛ පෙලේ නාවික හා සමුද්‍රීය සහ ආරක්ෂක ප්‍රදර්ශනයක් වන මෙය මෙවර පැවැත්වුණේ 13වන වරටයි.
රටවල් රැසක් නියෝජනය කරමින් නාවික හමුදා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු සදහා සමුද්‍රීය නීතිය බල ගැන්වීමේ නියෝජියින් ඊට එක්ව සිටියා.
ආසියා ශාන්තිකර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් අවබෝධය / සහයෝගීතාව සහ හැකියාවන් වර්ධනය කර ගැනීම සදහා පැවති සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා එක්වුණා.
මීට සමගාමිව නාවික හමුදාපතිවරයා රටවල් රැසක නියෝජිතයින් සමග ද සාකච්ඡා පැවැත්වුවා.
The post ජාත්යන්තර සමුද්රීය ආරක්ෂක සම්මන්ත්රණයට නාවික හමුදාපති සහභාගී වෙයි appeared first on ITN News.