පුපුරණද්රව්ය සමඟ 07 දෙනෙකු මන්නාරමේදී අත්අඩංගුවට
මන්නාරම වංකාලෙයි මුහුදු තීරයේදී පුපුරණද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් 07 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් වංකාලෙයි උතුරු මුහුදු වෙරල ප්‍රදේශයේ සෝදිසි මුර සංචාරයක නිරත වූ අවස්ථාවේදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
ඔවුන් සතුව තිබී වෝර්ට ජෙල නැමති පුපුරණද්‍රව්‍ය කූරු 10 ක් සහ ඩටනේටර් 18, කිමිදුම් උපකරණ රැසක් මෙන්ම ඩිංගි යාත්‍රාවක්ද තිබී නාවිකහමුදා භාරයට ගෙන තිබෙනවා.
පුපුරණද්‍රව්‍ය පුපුරවා හැරීමෙන් විශාල මසුන් ප්‍රමාණයක් අල්ලා ගැනීම සඳහා මෙලෙස පුපුරණද්‍රව්‍ය රැගෙන එන්නට ඇතැයි නාවික හමුදාව සැකපල කරයි.
එමෙන්ම මෙලෙස පුපුරණද්‍රව්‍ය භාවිතය හේතුවෙන් සාගරයේ මත්ස්‍ය සම්පත මෙන්ම සාගර සම්පත්ද විනාශ වන බැවින් එය නීතිවිරෝධී කටයුත්තක් වන අතර අත්අඩංගුවට ගත් පිරිස හා පුපුරණද්‍රව්‍ය තොගයන් නාවික හමුදාව විසින් වංකාලෙයි පොලීසියට භාරදීමට පියවර ගෙන තිබෙනවා.
The post පුපුරණද්රව්ය සමඟ 07 දෙනෙකු මන්නාරමේදී අත්අඩංගුවට appeared first on ITN News.