ශ්රී ලංකාවේ ණය ප්රතිව්යූහගත කිරීමට අදාළ නිල ණය හිමි කමිටුවක්
ශ්‍රී ලංකාවේ ණය ප්රතිව්යූහගත කිරීමට අදාළ නිල ණය හිමි කමිටුවක් පිහිටුවා ඇති බව පැරිස් සමාජය නිවේදනය කළා.
ණය ප්රතිව්යූහගත කිරීමට අදාළ පළමු රැස්වීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති අතර එහිදී මෙම තීරණය ගත් බවයි පැරිස් සමාජය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ.
ණය හිමි රටවල් 17 ක සහභාගීත්වයෙන් අදාළ කමිටුව පිහිටුවා ඇති අතර ඉන්දියාව, ජපානය හා ප්‍රංශය එම කමිටුවේ සම ප්‍රධානත්වය උසුලනවා.
පළමු රැස්වීමට ශ්‍රී ලංකා බලධාරීන්ද එක් වූ අතර එහිදී ණය ප්රතිව්යූහගත කිරීමට අදාළ නිල ඉල්ලීම ඔවුන් ඉදිරිපත් කරනු ලැබුවා.
මෙම නිල සාකච්ඡාවට චීනයද එක්ව සිටි බවයි පැරිස් සමාජය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ඉදිරි සාකච්ඡා සදහාද චීනය සාමාජිකයෙකු ලෙස සහභාගී වීමට නියමිතයි.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වනේබින් මහතා ඊයේ පැවති දෛනික මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේදී චීන මූල්‍යාධාර සදහා උපරිම සහාය ලබා දෙන ලෙසයි.
මේ සම්බන්ධයෙන් ස්ථිර විසඳුමකට පැමිණීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සමීප සබඳතාවක නිරත වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
The post ශ්රී ලංකාවේ ණය ප්රතිව්යූහගත කිරීමට අදාළ නිල ණය හිමි කමිටුවක් appeared first on ITN News.