කෑන්ස් සිනමා උළෙලේ ජූරි සභාවකට ශ්රී ලාංකික සිනමාකරුවෙක්
ජාත්‍යන්තර වශයෙන් ගෞරවයට පාත්‍ර වී ඇති ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලට සමාගාමීව පැවැත්වෙන සිනමා ව්‍යාපෘතියක ජූරි සභිකයෙකු ලෙස සම්මානනීය ශ්‍රී ලාංකික සිනමාකරුවෙකු වන සංජීව පුෂ්පකුමාර මහතා තෝරාගෙන තිබෙනවා.
කෑන්ස් සිනමා උළෙලේ ජූරි සභාවකට ආරාධනා ලැබූ දෙවන ශ්‍රී ලාංකික සිනමාකරුවා වන්නේ, ඔහු යි.
මීට පෙර 1992 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කෑන්ස් සිනමා උළෙලේ ප්‍රධාන කාණ්ඩයක් වන වෘත්තාන්ත චිත්‍රපට කාණ්ඩයේ ජූරි සභිකයෙකු ලෙස කටයුතු කළා.
කෙසේ වෙත ත්, කෑන්ස් සිනමා උළෙලේ ජූරි සභාවක මෙතෙක් සාමාජිකත්වය හිමි වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනා වන්නේ, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සංජීව පුෂ්පකුමාරයි.
ඒ අනුව, කෑන්ස් සිනමා උළෙලේ එවන් ගෞරවයක් ශ්‍රී ලංකාවට මෙවර හිමි වී ඇත්තේ, වසර 21කට පසුවයි.
The post කෑන්ස් සිනමා උළෙලේ ජූරි සභාවකට ශ්රී ලාංකික සිනමාකරුවෙක් appeared first on ITN News.