ශ්රී ලංකාවේ ගුවන්සේවා ආරක්ෂක වැඩපිලිවෙල යලිත් ජාත්යන්තර ඇගයීමට ලක් වෙයි
ශ්‍රී ලංකාවේ ගුවන්සේවා ආරක්ෂාව ඉතා උසස් මට්ටමක පවත්වා ගන්නට අවශ්‍ය සියළු පියවරයන් ගෙන ඇති බවත්, ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගුවන්සේවා කර්මාන්තය මෙන්ම ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපයද වඩාත් ආරක්ෂිත බවත් අද දින අවසන් වූ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය (International Civil Aviation Organzation – ICAO)විසින් පවත්වන ලද ගුවන්සේවා ආරක්ෂාව පිළිබඳ විගණනයෙන් තහවුරු වී තිබෙනවා.
මෙම ජාත්‍යන්තර විගණනයේ ප්‍රගති සමාලෝචනය කිරීම සඳහා පැවති විශේෂ හමුව වරාය නාවික සහ ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එම අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වුණා.
2023 මැයි මස 08 දින සිට 19 දින තෙක් පැවති මෙම විගණනය සඳහා, ICAO විසින් පත්කරන ලද සුදුසුකම්ලත් ජාත්‍යන්තර ගුවන්සේවා ආරක්ෂක විගණක පරීක්ෂකවරුන් හතර දෙනෙකු එක් වී තිබෙනවා.
එහිදී ඔවුන් විසින් ජාතික ගුවන්සේවා නියාමන ආයතනය වන ශ්‍රි ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය මූලික කර ගනිමින්, රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය, රාජ්‍ය බුද්ධි ඒකකය, ගුවන්තොටුපල සහ ගුවන්සේවා සමාගම මෙන්ම මෙරට සිට සහ රට තුලට
ගුවන්ගමන් සේවා ක්‍රියාත්මක කරනු ලබන දේශීය සහ විදේශිය ගුවන් සමාගම් ඇතුළු ගුවන්සේවා ක්ෂේත්‍රය හා සබැඳි පාර්ශවකාර අංශයන්, ශ්‍රි ලංකාවේ ගුවන්සේවා ආරක්ෂාව ජාත්‍යන්තර ප්‍රමීතීන්ට අනුව පවත්වාගෙන යාම වෙනුවෙන් ගෙන ඇති පියවර හා ක්‍රියාමාර්ග පිළිබඳව පූර්ණ විඝනනයක් සිදු කරතිබෙනවා.
එම විගණන වාර්තාව මැයි 20 දින ICAO විගණන කණ්ඩායමේ Aurelien Lavayssiere මහතා විසින් සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් පී.ඒ. ජයකාන්ත මහතාට භාර දුන් බවද සඳහන්.
එමෙන්ම මෙවැනි විගණන වලට සාර්ථකව මුහුණ දීම තුලින් ගුවන්සේවා ආරක්ෂාව ඉහළින් පවත්වාගෙන යනු ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව ශ්‍රේණිගත වීම තුලින් තවදුරටත් විදේශිය ගුවන් සමාගම් මෙරටට සිය ගමන්වාර ක්‍රියාත්මක කරවීමට මෙන්ම
ශ්‍රි ලංකාවට අයත් ගුවන් කලාපය භාවිතා කිරීමට උනන්දු වන බව ශ්‍රී ලංකා ගුවන්සේවා අධිකාරිය පවසනවා.
මෙම අවස්ථාවට සහභාගි වෙමින් කරුණුදැක්වු වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා :
ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය විසින් පවත්වනු ලැබු මෙම විගණනය ශ්‍රී ලංකාවේ ගුවන්සේවා ක්ෂේත්‍රයට ඉතාමත් වැදගත්. මෙම විගණනයේදී ශ්‍රී ලංකාවේ ගුවන්සේවාවේ ආරක්ෂක තත්වය පිලිබඳ තක්සේරුවක් සිදු කරනවා. ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමින් ලකුණු ලබා දීමක් සිදු වනවා. දින 10 ක් පුරා මෙම විගණනය සිදු කර තිබෙනවා. මෙවර ගිය වරට වඩා හොඳ ලකුණු මට්ටමක් ශ්‍රී ලංකාවේ ගුවන් සේවාව ලබා ගෙන තිබෙන බව අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම මෙම වාර්තාවෙන් අප විසින් තව දුරටත් නිවැරදි කර ගත යුතු කරුණු පිලිබඳව පෙන්වා දී තිබෙනවා. එම මග පෙන්වීම අනුව තවදුරටත් ශ්‍රී ලංකාවේ ගුවන්සේවාවේ ගුණාත්මකභාවය සහ ආරක්ෂාව වැඩි කර ගැනීමට කටයුතු කරනවා
The post ශ්රී ලංකාවේ ගුවන්සේවා ආරක්ෂක වැඩපිලිවෙල යලිත් ජාත්යන්තර ඇගයීමට ලක් වෙයි appeared first on ITN News.