මර්වින් ට එරෙහි නඩුවකට දින දෙයි
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී කළහකාරීව හැසිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහි පැමිණිල්ල නොවැම්බර් මස 7වනදා කැදවීමට නියම කෙරුණා.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයයි එම නියෝගය නිකුත් කළේ.
මෙම පැමිණිල්ල අද කැදවු අවස්ථාවේ ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදි අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධ විමර්ෂණ තවදුරටත් සිදු කෙරෙන බවයි.
ඒ අනුව පැමිණිල්ල නොවැම්බර් 7 වනදා කැදවීමටත් එදිනම පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් නියෝග කෙරුණා.
The post මර්වින් ට එරෙහි නඩුවකට දින දෙයි appeared first on ITN News.