ආසියානු කනිෂ්ඨ මළල ක්රීඩා තරගාවලියේ පදක්කම්ලාභීන් දිවයිනට
20 වැනි ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (06/08) රාත්‍රී යළි මෙරටට පැමිණියා.
මෙම තරගාවලිය දකුණු කොරියාවේ යේචියොන් ( Yecheon ) නගරයේ 06/04 දින සිට 06/07 දක්වා පවත්වා තිබුණා.
එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ මළළ ක්‍රීඩා කණ්ඩායම රන් පදක්කම් 02 ක් , රිදී පදක්කම් 01 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගනිමින් රටවල් 45 ක් සහභාගී වූ මෙම තරගාවලියේ 07 වන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබුණා.
වළළ ඒ.රත්නායක විද්‍යාලයේ තරුෂි කරුණාරත්න මීටර් 800 , මීටර් 400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව් වලින් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වී සිටියා.
එයට අමතරව මීටර් 400 ජවන ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගෙන තිබුණා.
තරුෂි කරුණාරත්න මෙම තරගාවලියේ ගුණාත්මක අතින් පදක්කම් 03ක් දිනා ගත් විශිෂ්ටතම ක්‍රීඩිකාව බවට සම්මානයට පාත්‍ර වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු සුසන්ත ප්‍රනාන්දු මහතා පැවසුවා.
මීට අමතරව ජයේෂි උත්තරා , විනෝද් ආරියවංශ , ෂෙහාන් දිල්රංග සහ මලින් යසිරු යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද පදක්කම් දිනා ගෙන තිබුණා.
මෙම පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා ආයතනයේ නිලධාරීන් , මෙම සිසුන් ඉගෙනුම ලබන පාසැල් වල විදුහල්පතිවරුන් , ගුරු භවතුන් , ඔවුන්ගේ දෙමාපියන් සහ එම පාසැල් වල ඉගෙනුම ලබන සිසුන් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.
The post ආසියානු කනිෂ්ඨ මළල ක්රීඩා තරගාවලියේ පදක්කම්ලාභීන් දිවයිනට appeared first on ITN News.