How can Sri Lankan charities find international donors and partners?

ශ්රී ලංකාවේ පානීය ජලයේ ගුණාත්මකභාවය ඉහල නැංවීමට චීනයෙන් අනුග්රහයක්

- itnnews.lk

ශ්‍රී ලංකාවේ භූගත ජලයේ පවතින ගුණාත්මක භාවය ප්‍රතිශතයක් ලෙස සැලකිය යුතු මට්ටමකින් අඩු වීම හේතුවෙන් ඒ ආශ්‍රිතව ජන ජීවිතයේ උද්ගතවන සෞඛ්‍ය හා සනීපාරක්ෂක ගැටලු හඳුනා ගැනීම සඳහා වන පර්යේෂණ කටයුතු,රට තුළ වඩාත් පුළුල් කිරීම සහ ඒ සඳහා අවශ්‍ය විසදුම් ලබාදීම මෙන්ම, ශ්‍රී ලංකා රජයේ ජාතික ප්‍රයත්නය ශක්තිමත් කිරීම සහ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක යටතේ ජලය සහ සනීපාරක්ෂාව ප්‍රශස්ත මට්ටමින් රට තුළ ක්‍රියාත්මක කිරීම සඳහා රජයට සහ ඒ හා සම්බන්ධ  වගකිවයුතු ආයතනයන්ට සහාය දැක්වීම අරමුණුකොට,චීන පර්යේෂණ හා විද්‍යා ඇකඩමිය මගින් විශේෂ වැඩසටහන් කීපයක් රට තුළ ක්‍රියාත්මක කිරීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් 2023 ජූනි මස 09 දින රත්මලාන ජල සම්පාදන මණ්ඩලයේ Cewas නව ගොඩනැගිල්ලේ ශ්‍රවණාගාරයේදී ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ගරු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණි.

 මෙම අවස්ථාව සඳහා විශේෂ ආරාධිතයින් වශයෙන් චීන පර්යේෂණ හා විද්‍යා ඇකඩමියේ මහාචාර්ය min yang මහතා මහාචාර්ය Wei yuansong මහතා සහ ආචාර්ය yawei wang, මහතා ප්‍රධාන නියෝජිත කණ්ඩායමක් සහභාගි වීය.

 ශ්‍රී ලංකාවේ පානීය ජලයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා වන ලෝකයේ ඉහළම තාක්ෂණය හඳුන්වා දෙමින් ඒ සඳහා වන සියලු පහසුකම් වලින් සමන්විත පර්යේෂණාගාර සහ නව පර්යේෂණ උපාංග, පිරිපහදු යන්ත්‍ර,පරිත්‍යාග ලෙස ශ්‍රී ලංකාවට ලබාදෙමින් මේ සිදු කරනු ලබන සමාජ මෙහෙවර ඉතාමත් ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අගය කරන බව ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා මෙහිදී කියා සිටියා.

 වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමා,

චීන ශ්‍රී ලංකා ඒකාබද්ධ ජල පර්යේෂණ ආයතනය සමග එක්ව අපේ රටේ ජලසම්පාදනය සම්බන්ධයෙන්,භූගත ජලය සම්බන්ධයෙන් මේ කරන්නා වූ පර්යේෂණ වැඩපිළිවෙල සඳහා අප රජයෙන් මගින් ලබා දිය හැකි සියලුම සහයෝගය ලබාදීමට කටයුතු කරන බවද විශේෂයෙන් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ජාතික ප්‍රජා ජල සැපසුම් දෙපාර්තමේන්තුව මගින් මහජනතාවට ලබා දෙන සේවා කටයුතු වඩාත් පහසුවෙන්, නව තාක්ෂණික ක්‍රමයන් උපයෝගී කරගනිමින් ඉදිරියට සාර්ථකව කරගෙන යෑම සඳහා ඔබ විද්‍යාඥයින්ගේ දැනුම සහ තාක්ෂණික සහයෝගය ද අපට විශේෂයෙන් වැදගත්.

 එසේම ශ්‍රී ලංකාවේ පානීය ජලයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සහ ඒ සඳහා පහසුකම් සපයා දීම වෙනුවෙන් ද සමස්ත ජනතාව වෙනුවෙන් ස්තුති කරන බව ද ජීවන් තොණ්ඩමන් ඇමැතිතුමා කියා සිටියා.

 මෙහිදී අදහස් දැක්වූ චීන විද්‍යා ඇකඩමියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය chcngzi Hu මහතා චීන ශ්‍රී ලංකා ඒකාබද්ධ පර්යේෂන ආයතනය වෙත අප අපගේ අනුග්‍රහය වසර හතක් පූරා ලබා දුන්නා.

එහි සාර්ථක ප්‍රතිඵල තිබෙනවා. ඉදිරි වසර තුන සඳහාද අපගේ අනුග්‍රහය දායකත්වය ලබා දීමට කටයුතු කරනු ලබනවා.

 මීට අමතරව ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ සඳහා නව තාක්ෂනයෙන් යුතු පිරිපහදු මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩපිළිවෙලක්ද අප විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර ජලය පිළිබඳව ජාත්‍යාන්තර මට්ටමේ පර්යේෂණ සිදු කිරීම සඳහා අවස්ථාව ලබා දීමටත් අපි අපගේ දැනුම හා තාක්ෂණය ලබා දීමටත් කටයුතු කරන බවද මහාචාර්යතුමා පැවසුවා.

 මෙම අවස්ථාවට චීන විද්‍යා ඇකඩමියේ මහාචාර්ය Min yang, ආචාර්ය Juan Liu, ආචාර්යYawai Wang ඇතුළු චීන නියෝජිත පිරිස ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති D. M ළමාවංශ, අතිරේක ලේකම් ඒ.සී.එම් නෆීල්, ජලසම්පාදන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජයතිලක හේරත්, සහ චීන ශ්‍රී ලංකා ඒකාබද්ධ පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ එස්. ජි වේරගොඩ යන මහත්වරුන්ද සහභාගී වුණා.

The post ශ්රී ලංකාවේ පානීය ජලයේ ගුණාත්මකභාවය ඉහල නැංවීමට චීනයෙන් අනුග්රහයක් appeared first on ITN News.

You may also like

- colombotelegraph.com

[…]The post Sri Lanka’s Political Landscape: Navigating A Tripartite Contest appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post From Absurdities To Atrocities, Again? appeared first on Colombo Telegraph.

- onlanka.com

The Government Health Service Ambulance Drivers Association has drawn attention to a shortage of ambulance drivers within the government hospital system in Sri Lanka.The post Sri Lanka’s government hospitals grapple with ambulance driver shortage appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com

The Indian Government announced on Saturday that it has granted permission for the export of 99,500 tonnes of onions to six neighboring countries, despite the existing ban on shipments.The post Indian government permits onion exports to six nations, including Sri Lanka appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com

The Sri Lankan Rupee (LKR) has appreciated against the US dollar (USD) today (April 26), according to the Central Bank of Sri Lanka (CBSL).The post Sri Lankan Rupee appreciated against U.S. Dollar on April 26, 2024 appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- island.lk

It got a little hairy at the death, but Pakistan just about managed to salvage some pride in this series, scraping to a 9-run win to level the T20I series 2-2. Babar Azam’s 43-ball 69 and late fireworks from Fakhar Zaman saw Pakistan post 178, the third successive time that has been the first innings […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc