How can Sri Lankan charities find international donors and partners?

සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමේදී සංචාරක ව්යාපාරය උපරිමයෙන් දායක කර ගන්නවා

- itnnews.lk

මෙරට සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම සඳහා සංචාරක ව්‍යාපාරයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීම රජයේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකාවටම ආවේණික ඉවුම් පිහුම් කලාව ලොව පුරා සංචාරකයන්ගේ ආකර්ශණයට ලක්ව ඇති බවත් එහි ප්‍රවර්ධනයට උපරිම රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ඊයේ  (09) ආරම්භ කෙරුණු“2023 සුප ශාස්ත්‍ර හා ආහාර ප්‍රදර්ශනයේ” (Culinary Art Food Expo 2023) සමාරම්භක උත්සවය අමතමිනි.

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සූපශාස්ත්‍ර ශිල්පීන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කෙරෙන සුප ශාස්ත්‍ර හා ආහාර ප්‍රදර්ශනයශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

නිෂ්පාදන සහ සේවා ප්‍රදර්ශන කුටි 88කින්මෙවර ප්‍රදර්ශනය සමන්විත වන අතර එම ප්‍රදර්ශන කුටි නිරීක්ෂණය කිරීමට ද ජනාධිපතිවරයා එක්විය. ප්‍රදර්ශනයට එක්ව සිටි  සූපවේදින් සමඟ සුහද කතාබහක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ද විමසා බැලුවා.

සුපශාස්ත්‍ර පිළිබඳ පාසලක් ඇති කිරීම, සූපවේදීන් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීම ඇතුළු ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නව වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසුවා.

“2023 සූපශාස්ත්‍ර  ප්‍රදර්ශනයට මට ආරාධනා කිරීම පිළිබඳව පළමුව මම ඔබසියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා.

අපි මෙරට සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

අපේ වැඩපිළිවෙල වන්නේ පළමු අදියර තුළ මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය දෙගුණයක් කර ගැනීම තුළින් ලැබෙන ආදායම ඉහළ නංවා ගැනීමයි.

ඒ අනුව අප දැන් ඉහළ ආදායමක් ලබන සංචාරක ව්‍යාපාරයක් රට තුළ පවත්වාගෙන යාම පිළිබඳව අවධානය යොමු කළයුතුයි.

සංචාරක ක්ෂේත්‍රයේ ගාස්තු වැඩි කිරීමට නම් අප හොඳ සේවාවක් ඔවුන්ට ලබා දිය යුතුයි.

ඒ සඳහා බොහෝ අංශ තිබුණ ද වඩාත් ආකර්ශනීය වී ඇත්තේ ශ්‍රී ලංකාව සතු ආගන්තුක සත්කාර සහ අපටම ආවේණික ඉවුම් පිහුම් කලාවයි.

එබැවින් සංචාරක කර්මාන්තය පුළුල් වන විට  රටේ ප්‍රමාණවත් සූපවේදීන් පිරිසක් ද සිටිය යුතුයි.

අද රටේ මානව සම්පත විශාල ලෙස රට හැර යාම දක්නට ලැබෙනවා.

මේ මොහොතේ ප්‍රමාණවත් පරිදි  සූපවේදීන් සංඛ්‍යාවක් අපේ රටේ නැහැ.

ඒ නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමේ හැකියාව නොමැති වී තිබෙනවා.

එබැවින් මෙරට හෝටල් ක්ෂේත්‍රය තුළ සූපවේදීන්ගේ සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට රජයේ සහාය ලබාදීමට අපි අපේක්ෂා කරනවා.

නමුත් රජයට තනිවම එම වෙළෙඳපොළ අවශ්‍යතාව සපුරාගත නොහැකියි.

එබැවින් ඒ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය අත්‍යාවශ්‍යයි.

එහිදී ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීමට රජය සූදානමින් සිටිනවා.

ඉවුම් පිහුම් කලාව සහ සූපශාස්ත්‍ර කටයුතු සඳහා වෙනම පාසලක් ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු ‍වෙනවා.

ඒ සඳහා ද පෞද්ගලික අංශයේ දායකත්වය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

ඉවුම් පිහුම් කලාව සහ සූපශාස්ත්‍ර කටයුතු පිළිබඳ පාසලක් සඳහා දකුණු පළාත තුළ ඉල්ලුමක් තිබෙනවා.

නුවරඑළිය, බණ්ඩාරවෙල, ඇල්ල, දඹුල්ල යන නගරවලත් එවැනි පාසල් ආරම්භ කළ හැකි බව මම විශ්වාස කරනවා.

තරුණ සූපවේදීන්ට අවශ්‍ය දැනුම ලබාදීමටත්,ප්‍රවීන විදේශීය සූපවේදීන්ගේ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් එය වැදගත් අවස්ථාවක් වනු ඇතැයි මම සිතනවා.

ඒ වගේම මෙරට සූපවේදීන් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීම කාලෝචිත බව මගේ විශ්වාසයයි.

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත්“තරු” සංකේත ඔවුන්ට ලබාදීමට පියවර ගත යුතුයි.

නව සංචාරක ප්‍රතිපත්තිය සකස් කිරීමේ දී මේ පිළිබඳව සංචාරක අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම මේ සඳහා පෞද්ගලික ව්‍යවසායකයින්ගේ ද සහාය ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා.

ක්ෂේත්‍රයට අවශ්‍ය මානව සම්පත දියුණු නොකර සංචාරක කර්මාන්තය දියුණු  කළ නොහැකි බව මගේ විශ්වාසයයි.

අපේ තරුණ තරුණියන් තුළ විවිධ කුසලතා තිබෙනවා.

එම කුසලතා සංවර්ධනය කිරීම තුළින් ඔවුන්ට වඩා හොඳ අනාගතයක් නිර්මාණය කර දිය හැකියි.

අද මෙහි සිටින ඔබ සියලුදෙනා අනාගතයේ දක්ෂ සූපවේදීන් බවට පත්වීරටට සේවය කරනු ඇතැයි මම විශ්වාස කරනවා.

ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසාදෙමින් ඔවුන්ට රට තුළ රැඳී සිටීමට සුදුසු පසුබිම සකස් කරදීමට රජයක් ලෙස අප කැපවී සිටිනවා.”

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රවීන සූපවේදී ජෙරාඩ් මෙන්ඩිස් මහතා,

“අභියෝග රැසක් ජයගනිමින් පවත්වන Café 2023 ප්‍රදර්ශනය සඳහා සහභාගී වන ඔබ සියලුදෙනා මම සාදරයෙන් පිළිගන්නවා.

2019 වසරෙන් පසුව කොවිඩ් ව්‍යාප්තිය ඇතුළු ගැටලු හේතුවෙන් අපට මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට හැකියාවක් ලැබුණේ නැහැ.

කෙසේ වුවත් මෙම වසරේ ප්‍රදර්ශනය පැවැත්වීමට අප තීරණය කළ අතර ඒ සඳහා ඉහළ ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා.

කොවිඩ් ඇතුළු අර්බුදවලින් සංචාරක ව්‍යාපාරයට දැඩි බලපෑමක් එල්ල වුණා.

මෙම තත්ත්වයෙන් ගොඩඒමට අපේ රටට හැකිවෙයි ද කියලා බොහො අයට සැකයක් තිබුණා.

නමුත් කිසිවෙකු නොසිතු ලෙස ඉතා වේගයෙන් අද රට යථා තත්ත්වයට පැමිණ තිබෙනවා.

ඒ පිළිබඳ ජනාධිපතිතුමාටත්, රජයටත් අපි ස්තූතිවන්ත විය යුතුයි.

පසුගිය සමයේ බොහෝ ව්‍යාපාර වසා දැමීමට සිදු වූණා.

එම වසා දැමූ ව්‍යාපාරවලින් බොහෝ ප්‍රමාණයක් නැවත විවෘත වන අයුරු දක්නට ලැබෙනවා.

අපගේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නැවත ලෝකය පුරා ප්‍රචලිත කරමින් රටේ සංවර්ධනයට දායක වීමයි.”

CWC MACKIE PLC සමාගමේ සාමාන්‍යාධිකාරි දුමින්ද කොතලාවල, අප්ෆීල්ඩ් ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ මෙරට ප්‍රධානී අනුරුද්ධ අලුවිහාරේ, S4IG කලාපීය ප්‍රධානී ඩේවිඩ් ඇබ්ලට්, පැල්වත්ත කිරි සමාගමේ අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමරත්න, Asriel Marketing පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ශිරාන් පීරිස්, ලෝක සූපවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රවීන සූපවේදී තෝමස් ගුග්ලර් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

The post සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමේදී සංචාරක ව්යාපාරය උපරිමයෙන් දායක කර ගන්නවා appeared first on ITN News.

You may also like

- island.lk

Ireland recorded an unequivocal, 54-run win over Netherlands to knock them out of the ICC Women’s T20 World Cup Qualifier. Tournament hosts, the United Arab Emirates (UAE), have sealed the fourth semi-final spot, moving one step closer to qualification for the main event in Bangladesh later this year. Needing to win the match following the […]

- island.lk

Scotland have joined Sri Lanka and Ireland in the semi-finals line-up of the ICC Women’s T20 World Cup Qualifier in Abu Dhabi. On Friday afternoon, captain Kathryn Bryce once again, led from the front with an unbeaten 63 to guide Scotland through to the semis against Thailand at Tolerance Oval. At Zayed Cricket Stadium, Samaira […]

- island.lk

Bangladesh’s bowlers set up a comfortable eight-wicket victory in the first T20 against Zimbabwe by dismissing the visitors for 124 in Chattogram. Rain interrupted the chase twice, but debutant Tanzid Hasan remained unbeaten, steering his team to victory in just 15.2 overs with 67 off 47 balls. Tanzid got into Bangladesh’s T20I side on the […]

- island.lk

Hayley Mathews ended her dream tour of Pakistan as she started it, with yet another commanding performance as West Indies coasted to an eight-wicket win in Karachi. Smashing 78 in 59 balls, the West Indies captain made light work of Pakistan’s first innings total of 134, with the visitors getting there with ten balls to […]

- island.lk

Kolkata Knight Riders further embedded themselves near the top of the IPL table, and Mumbai Indians’ hopes of qualifying for the final four took another big hit. How MI managed to lose a match in which they took five KKR wickets in the first 37 legal deliveries, will require some examination from the franchise brains […]

- island.lk

Weather forecast issued at 05.30 a.m. on 04 May 2024 by the Department of Meteorology Misty conditions can be expected at some places in Western and Sabaragamuwa provinces, and in Galle and Matara districts during the morning. Showers or thundershowers will occur at a few places in Western and Sabaragamuwa provinces and in Galle and […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc