වසා දමා ඇති පෞද්ගලික රෝහලකින් භාණ්ඩ සොරකම් කළ 8 දෙනෙකු අත්අඩංගුවට
වසා දමා ඇති පෞද්ගලික රෝහලක භාණ්ඩ සොරකම් කල පුද්ගලයින් 8 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුත්තලම මදුරන්කුලිය 10 කණුව ප්‍රදේශයේ පිහිටි මෙම පෞද්ගලික රෝහල වැසී ගියේ පෞද්ගලික බැංකුවකින් ලබා ගත් ණය මුදල නොගවීම හේතූවෙන්. එය පෞද්ගලික බැංකුවකට සින්න වී ඇති අතර බැංකුව මගින් ආරක්ෂාවට යොදවා ඇති ආරක්ෂක නිලධාරියා ඇතුළු පිරිසක් එහි භාණ්ඩ සොරකම් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වූ මදුරන්කුලිය පොලීසිය සොරකම් කළ භාණ්ඩ සමග සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
The post වසා දමා ඇති පෞද්ගලික රෝහලකින් භාණ්ඩ සොරකම් කළ 8 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.