හම්බන්තොට හෙක්ටෙයාර් 5000ක බඩ ඉරිඟු වගා කිරීමට සැළසුම් කෙරේ
හම්බන්තොට දිස්ත්‍රික්කයේ හෙක්ටෙයාර් 5000ක ඉදිරි මහ කන්නයේදී බඩ ඉරිඟු වගා කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
මේ යටතේ අනුරාධපුර , මොනරාගල , අම්පාර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල හෙක්ටෙයාර් 16,000ක බඩ ඉරිඟු වගා කිරීමට යෝජිතයි.
උසස් බඩ ඉරිඟු බීජ, බිම් සැකසීම හා පොහොර ආදී සියලු කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික සහයෝගය නොමිලයේ ලබා දීමට කටයුතු යොදා තිබෙනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ බඩ ඉරිඟු වගාව මින් පෙර සාර්ථකව ක්‍රියාත්මක වුවද පසුකාලීනව ගොවීන් ඉන් ඈත් වී තිබුණා.
නමුත් නැවත වරක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ බඩ ඉරිඟු වගාව ආරම්භ කිරීම සඳහා ඊට සුදුසු ගොවීන් තෝරා ගැනීම කිසිදු දේශපාලන භේදයකින් තොරව සිදු කළයුතු යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.
The post හම්බන්තොට හෙක්ටෙයාර් 5000ක බඩ ඉරිඟු වගා කිරීමට සැළසුම් කෙරේ appeared first on ITN News.