ඒකාංගික ටෙලි නාට්ය සහ ඉංග්රීසි කෙටි චිත්රපට තරගාවලිය
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ජාතික භාෂා අංශය විසින් ඒකාංගික ටෙලි නාට්‍ය හා ඉංග්‍රිසි කෙටි චිත්‍රපට තරඟාවලියක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ඒකාංගික ටෙලිනාට්‍ය තරඟයක් පැවැත්වීමේ මූලික අරමණ වී ඇත්තේ භාෂාව හා සංස්කෘතිය අතර ඇති සබැඳියාව සහ මනා අවබෝධය, භාෂා භාවිතය පිළිබඳ ශක්‍යතාව වර්ධනය කරවීම සහ තිරසාර සාමය හා සංහිඳියාව අගය කරන සමාජ පසුබිමක් නිර්මාණය කිරීමයි.
ඉංග්‍රිසි කෙටි චිත්‍රපටි තරගයෙන් ඉංග්‍රිසි භාෂා ප්‍රවර්ධනය, ජාත්‍යන්තරය ජය ගැනීමට අවස්ථාව ලබා දීම අරමුණ වේ.
ඒකාංගික ටෙලි නාට්‍ය සිංහල හෝ දමිළ මාධ්‍යයෙන් නිර්මාණය කළ හැකි අතර එය විනාඩි 23 කට සීමා වන පරිදි සකස් කළ යුතු වෙනවා.
ඉංග්‍රිසි කෙටි චිත්‍රපටය විනාඩි 3කට නොඅඩු විනාඩි 15 කට නොවැඩි පරිදි නිර්මාණය කළ යුතු අතර එහි කැමරාකරණ ජංගම දුරකථනය පමණක් භාවිතයෙන් සිදු කළ යුතුයි.
මෙම තරඟාවලිය පිළිබඳ සියලුම තොරතුරු, නිර්නායක හා අයැදුම්පත් www.pubad.gov.lk යන වෙබි අඩවියෙන් ලබා ගත හැකියි.
තව ද මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය වන්නේ නම් ඉංග්‍රිසි කෙටි චිත්‍රපටි තරඟය සඳහා දු.ක. අංක 0701294286 ඔස්සේ ජාතික භාෂා අංශයේ සංවර්ධන නිලධාරි බි.ආර්. රාජපක්ෂ මහත්මිය සහ ඒ්කාංගික ටෙලි නාට්‍ය නිර්මාණය සඳහා දු.ක. අංක 0717279917 ඔස්සේ එම අංශයේ සංවර්ධන නිලධාරි දිනූෂා හර්ෂණී මහත්මිය අමතා ලබා ගත හැකියි.
සියලුම නිර්මාණ අතිරේක ලේකම් (රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණ හා ජාතික භාෂා), රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය, ජාතික භාෂා අංශය, නිදහස් චතුරස්‍රය, කොළඹ 07 යන ලිපිනයට 2023 අගෝස්තු 31 දිනට ප්‍රථමයෙන් තැපැල් මගින් හෝ ගෙනවිත් භාර දිය යුතුයි.
The post ඒකාංගික ටෙලි නාට්ය සහ ඉංග්රීසි කෙටි චිත්රපට තරගාවලිය appeared first on ITN News.