චීන – ශ්රී ලංකා විදේශ අමාත්යවරුන් අතර හමුවක්
චීන රාජ්‍ය මණ්ඩලයේ සාමාජික, විදේශ අමාත්‍ය Qin Gang මහතා අද (25) බෙයිජිං හිදී ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා හමුවිය.
චීන – ශ්රී ලංකා උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරීත්වය තහවුරු කර එය තවදුරටත් ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Qin Gang මහතා එම හමුවේදී ප්‍රකාශ කළේය.
දෙපාර්ශ්වය දෙරටේ නායකයන්ගේ වැදගත් පොදු එකඟතාවන් මනා ලෙස ක්‍රියාත්මක කළ යුතු බවත් ඉහළ පෙළේ අදහස් හුවමාරුව ශක්තිමත් කරමින් අන්තර් පුද්ගල සහ සංස්කෘතික හුවමාරු සබඳතා ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමෙන් නව ජයග්‍රහණ සාක්ෂාත් කර ගැනීම ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනය මෙන්ම ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා චීනය අඛණ්ඩව උපරිම සහය ලබා දෙන බව ද Qin Gang මහතා ප්‍රකාශ කර ඇත.
චීන රජය මෙන්ම ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ජාතික ස්වාධිපත්‍යය හා ආර්ථික සංවර්ධනයට ලබා දුන් අවංක සහය ශ්‍රී ලංකාව ඉතා අගය කොට සලකන බව අලි සබ්රි මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්න විසඳා ගැනීමේදීත්, තාවකාලික දුෂ්කරතාවයන්ට මුහුණ දීමේදීත් චීනය ලබා දුන් වටිනා සහයෝගය පිළිබඳව ස්තූතිය පළ කරන බව හෙතෙම පැවසීය.
එකම චීනය පිළිබඳ ප්‍රතිපත්තිය ස්ථිර ලෙස අනුගමනය කරන ශ්‍රී ලංකාව එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට කටයුතු කරයි. බහුපාර්ශ්වික සහයෝගීතා පුළුල් කිරීම හමුවේ, ශක්තිමත් ශ්‍රී ලංකා-චීන සබඳතාවයක් සඳහා කැපවීමට තම රට සූදානම් බව ද අලි සබ්රි මහතා අවධාරණය කර ඇත
The post චීන – ශ්රී ලංකා විදේශ අමාත්යවරුන් අතර හමුවක් appeared first on ITN News.