පියත් නිකේෂලට ඇප
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට පත් සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල ඇප මත මුදාහැර තිබෙනවා.
ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබුවා
ඒ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හමුවට කැඳවීමෙන් අනතුරුවයි.
පසුගිය වසරේ ජූලි 09 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ හා අලාභ හානී කිරීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණා.
The post පියත් නිකේෂලට ඇප appeared first on ITN News.