ජුනි මාසයේ දී සංචාරකයින් ලක්ෂයකට ආසන්න පිරිසක් දිවයිනට
ජුනි මාසය තුළ විදෙස් සංචාරකයින් ලක්ෂයකට ආසන්න පිරිසක් දිවයිනට පැමිණ ඇතැයි, සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
වසරේ ගතවු මාස හය තුළ සංචාරකයින් ලක්ෂ 06ක් පමණ දිවයිනට පැමිණ ඇති බවයි එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ.
2022 වසරේ පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව හත් ලක්ෂ විසිදහසක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසන අතර ඊට සාපේක්ෂව මෙම වසරේදී සංචාරකයින් පැමිණීමේ ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන බව, ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය .
The post ජුනි මාසයේ දී සංචාරකයින් ලක්ෂයකට ආසන්න පිරිසක් දිවයිනට appeared first on ITN News.