සෙල්ෆි ගන්න ගිය තරුණිය අතුරුදන්
අත්තනගළු ඔයේ දුනමලේ ජල මාපකය අසල දිය නෑමට ගිය විසි හැවිරිදි තරුණියක සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය අවස්ථාවේ ලිස්සා වැටී දියේ ගිළී අතුරුදහන් වී ඇතැයි නිට්ටඹුව පොලිසිය පවසනවා.
මෙසේ අතුරුදන් වී ඇත්තේ කොළඹ පිටකොටුව ගුණසිංහපුර මහල් නිවාස පදිංචිව සිටි 20 නමැති තරුණියක් .
මෙම තරුණිය ඇතුළු හත් දෙනකු අත්තනගලු ඔයේ දියනෑමට ගොස් ඇති අවස්ථාවේ මෙම තරුණිය ගල්තලාවක් මත සිට ලිස්සා ඇද වැටී ඇති බවද පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.
නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් ගෙන්වා තරුණිය සෙවීමේ මෙහෙයුම් තවදුරටත් කෙරෙන බවයි නිට්ටඹුව පොලිසිය පැවසුවේ.
The post සෙල්ෆි ගන්න ගිය තරුණිය අතුරුදන් appeared first on ITN News.