ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර රූපලාවන්යාගාර තහනම්
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර රූපලාවන්යාගාර තහනම් කිරීමට තලේබාන් සංවිධානය පියවර ගෙන තිබෙනවා.
තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ පාලන බලය අපත්කර ගැනීමෙන් පසු එරට කාන්තාවන්ගේ අයිතීන් සීමා කිරීමට පියවර ගත්තා. කාන්තාවන්ට අධ්‍යාපනය හැදෑරීමේ අයිතිය, රැකියාවක නිරතවීමේ අයිතිය මෙන්ම විනෝදාස්වාදය ලැබීම පවා තහනම් කිරීමටයි ඔවුන් කටයුතු කළේ. එහි නව පියවරක් ලෙස රූපලාවන්‍යාගාර තහනම් කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා. ඒ අනුව කාබුල් අගනුවර මෙන්ම රට පුරා පිහිටා ඇති සියලු රූපලාවන්‍යාගාරයන්හි බලපත්‍ර අහෝසි කිරීමටයි කටයුතු කර ඇත්තේ.
ඒ සමගම එම රූපලාවන්‍යාගාරයන්හි සේවය කළ කාන්තාවන්ට තම රැකියාව ද අහිමිව ඇති අතර ආර්ථික අර්බුදය උග්‍ර අතට හැරෙමින් පවතින බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
The post ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර රූපලාවන්යාගාර තහනම් appeared first on ITN News.