How can Sri Lankan charities find international donors and partners?

ඉදිරි දශකය තුළ රටට විදේශ විනිමය උපයා දෙන ප්රමුඛ ක්ෂේත්රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරනවා – ජනපති

- itnnews.lk

ඉදිරි දශකය තුළ රටට විශාල විදේශ විනිමයක් ගෙන එන ක්ෂේත්‍රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ සැලසුම් මේ වන විටත් සකස් කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමෙන් ඒක පුද්ගල අදායම ඉහළ නංවා ගත හැකි බවද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (06) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ඉන්දියානු සංචාරක සම්මේලනය අමතමිනි.

දේශසීමා ඉක්මවමින් බිම්ස්ටෙක් කලාපය දියුණු සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය කිරිමට සියලු බිම්ස්ටෙක් රටවල් එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

“දේශසීමා ඉක්මවා යාම ” තේමාව යටතේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ආරාධනය මත ඉන්දියාවේ සංචාරක නියෝජිත සම්මේලනය විසින් සංවිධානය කර තිබූ මෙම සමුළුව ජූලි මස 06 වනදා සිට 09 වෙනිදා දක්වා කොළඹ දී පැවැත්වේ.

ශ්‍රී ලංකාව සංචාරය සඳහා සුරක්ෂිත සහ ආකර්ශණිය ගමනාන්තයක් බව ලොවට හඳුන්වාදෙමින් පැවැත්වෙන මෙම සම්මේලනයට ඉන්දියානු සංචාරක සම්මේලනයේ සාමාජිකයන් 500 දෙනෙක් පමණ එක්ව සිටින අතර, එය ආවරණය කිරීම සඳහා ඉන්දියානු මාධ්‍යවේදීන් 50 දෙනෙකු පමණ සහභාගි වී සිටීම ද විශේෂත්වයකි.

සමුළුව අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,
මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පවත්වමින් ජෝති මැතිනිය අප කෙරෙහි තැබු විශ්වාසයට ස්තූතිවන්ත විය යුතුයි. නව සැලසුම් ඔස්සේ ශ්‍රී ලංකාව ආකර්ෂනීයම සංචාරක ගමනාන්තයක් බවට පත් කරන බව මම ඔබට සහතික වෙනවා. අපේ සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ඒ සඳහා කැපවීමෙන් කටයුතු කරනවා.
මෙම සමුළුවෙන් පසු අද මෙහි සිටින ඔබගෙන් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කරාවි. එහිදී ත්‍රිකුණාමලයට ගොස් දක්ෂිණ කෛලාසය නැරඹීමට සහ කතරගමට ගොස් වෙල්ලමුරුගන් දෙවියන්ගේ සිද්ධස්ථානය නැරඹීමට ඔබ අතපසු නොකළ යුතු බව මම සඳහන් කරන්න කැමතියි.

වෙල්ලමුරුගන් සිද්ධස්ථානය වසර 2000කට වඩා පැරණි, කලාපයේ පැරණිතම හින්දු සිද්ධස්ථාන වලින් එකක්. මම මීට දින කිහිපයකට පෙර උත්සවයක් සඳහා එහි ගිය අවස්ථාවේ අතිවිශාල පිරිසක් එහි පැමිණ සිටියා. ඒසේ නොමැති නම් යාපනයේ නල්ලූර් වෙත ගොස් එහි වාර්ෂික උත්සවය නැරඹීමට ඔබට පුළුවන්.ඔබ කඳුකරය සහ අනෙකුත් සුන්දර ස්ථාන දැක ඇති නමුත් මම සඳහන් කළ ස්ථාන ද නැරඹීම වටිනා බව කිවයුතුයි.

නල්ලූර් උත්සවය සහ මහනුවර පෙරහැර අගෝස්තු මාසයේදී පැවැත්වෙනවා. එය අපේ සංස්කෘතිය ලොවට පෙන්වන මෙන්ම විශේෂ සංචාරක ආකර්ෂණය දිනාගැනීමට හේතු වෙනවා.

අනිත් කාරණය තමයි ජනවාරි මාසයේ අපේ ගාලු සාහිත්‍ය උළෙල පැවැත්වෙනවා. දකුණු පළාතේ ගාල්ලේ සෑම නගරයකටම තමන්ගේම උත්සවයක් තිබෙනවා. හිරිකැටියේ වෙරළ විදේශිකයන් ආකර්ෂණ කරන ඩිස්කෝටේක් හා නවීන ජෑස් සංගීතය ද තිබෙනවා. මාතරදී සම්භාව්‍ය ගීත ප්‍රසංග රැසක් පැවැත්වෙන අතර ඊට අමතරව ජනවාරි මාසයේදී කොළඹදී අන්ද්‍රේය බෝචෙලිගේ ගායනයටද සවන් දිය හැකියි.

ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මුදා ගන්නා විට ණය ප්‍රශස්තකරණය සිදු කළ යුතු වෙනවා. වෙළෙඳ ශේෂය අපට වාසිදායක නොවන බව අප තවමත් මතක තබා ගත යුතුයි. එබැවින් ඉදිරි කාලය තුළ අපි ධනාත්මක වෙළෙඳ ශේෂයක් සහතික කළ යුතුයි.

ණය නොවන අරමුදල් රැස් කිරීමේ මාධ්‍යයක් වන්නේ සංචාරක ව්‍යාපාරයයි. එබැවින් එය උපරිමයෙන් ප්‍රයෝජනයට ගත යුතුයි. දැනට සංචාරකයන් වාර්ෂිකව මිලියන 2.5ක් ලංකාවට පැමිණෙනවා. එය මිලියන 5ක් දක්වා වැඩි කිරීමට අප සැලසුම් සකස් කළ යුතුයි. සංචාරකයෙක්ට එක් රාත්‍රියකට ඩොලර් 1000ක් පමණක්වත් වියදම් කිරීමට අවශ්‍ය ආකර්ෂණීය වැඩපිළිවෙළක් අප සකස් කළ යුතුයි. දකුණු ආසියාතික රටවල් අතරින් කුඩාම රට වන මාලදිවයිනෙන් අපට සංචාරක ව්‍යාපාරය පිළිබඳ ඉගෙන ගත හැකි දේ තිබෙනවා. නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාවේ කේන්ද්‍රස්ථානය බවට පත් කරන්න අප තවත් ගොල්ෆ් පිටි 7ක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙනනවා.

විශාල සංචාරක නිකේතන ඇති කිරීමට අවශ්‍යයි. දෙදුව ප්‍රදේශයට යාබදව, ජලාශ්‍රිත ප්‍රදේශයක අක්කර 1000කට වඩා වැඩි ප්‍රමාණයක් පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයට සුදුසු යැයි අප හඳුනාගෙන තිබෙනවා.

හෝර්ටන් තැන්න අසල තවත් අක්කර 900ක් තිබෙනවා. එය හරිත සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට දායක කර ගනිමින් එහි සංචාරකයන්ගේ පහසුකම් වැඩිකිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම තවත් බොහෝ ස්ථානවල රාෆ්ටින් ක්‍රිඩාව සංචාරකයන් අතර ප්‍රචලිත කිරීමට පියවර ගන්නවා.

පසුගියදා ඔබ ඇල්ල දක්වා ගිය සුන්දර ගමනේ ආකර්ෂණීය අත්දැකීම ලොවට ගෙන යා යුතුයි. එම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය නංවාලීම වෙනුවෙන් තවත් බොහෝ දේ කළ යුතුව තිබෙනවා.

සංචාරක ක්ෂේත්‍රය නංවාලීමට සමගාමීව එහි ආදායම තවත් වර්ධනය කර ගැනීමේ හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකාවට ආවේණික ආහාර වර්ග සහ සංස්කෘතික අංගවලින් ශ්‍රී ලංකාව ආකර්ෂනීය සංචාරක ගමනාන්තයක් බව ලොවට පෙන්විය හැකියි. අපි නැගෙනහිර පළාත සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනයට කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබට එහි මහල් නිවාසයක්, විලා එකක් මිලදී ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා පහසුකම් සැපයීමට අප සූදානම්. ඒ අනුව නැගෙනහිර පළාතේ වෙළර තීරයේ සුන්දරත්වය විද ගත හැකියි.

ඒ වගේම මෙම සංචාරක සැලසුම් ක්‍රියාත්මක කළ හැකි පරිදි නිති වෙනස් කිරීම අවශ්‍යයි. සංචාරක ක්ෂේත්‍රයෙන් ඉහළ ආදායමක් ලැබීමෙන් රටේ ආර්ථිකයට විශාල විදේශ විනියමක් උපයා ගත හැකියි. මෙයයි අප ඉදිරියට යා යුතු මාර්ගය. සංචාරක කර්මාන්තයට අදාළ මෙම සැලසුම් සකස් කළයුතුව තිබුණේ මීට දශක කිහිපයකට පෙරයි. නමුත් දැන්වත් අප මෙම කටයුතු ආරම්භ කළ යුතුයි.

ඒ වගේම කලාපයක් ලෙස සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට ගත යුතු පියවර මොනවාද යන්න පිළිබඳ අප අවධානය යොමු කර තිබෙනවා. නැගෙනහිර ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ අපට වඩා සංචාරකයින් වැඩියි. ඒ නිසාම අප රටක් හෝ රටවල් කිහිපයක් ලෙස සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය නොකර සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය වීමෙන් වැඩි ඵලදායිතාවයක් ලබා ගත හැකියි.

සංචාරක කර්මාන්තයෙන් විශාල ලෙස විදේශ විනිමය උපයා ගත හැකියි. නිවැරැදි සැලසුම් සහිතව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමෙන් ඉදිරි වසර 10 තුළ ඒක පුද්ගල ආදායම වර්ධනය කළ හැකියි. ඉදිරි දශකය තුළ පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයෙන් විශාල විදේශ විනියමක් උපයා ගැනීමට අප සැලසුම් කර තිබෙනවා.
ඉතින් ඇයි අපි අපේ මුළු බිම්ස්ටෙක් සංවිධානයේ රටවල් දේශසීමා රහිත සංචාරක කලාපයක් බවට පත් නොකරන්නේ?

මම ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලට ගොස් තිබෙනවා. එම ප්‍රදේශවලට ආවේණික කෑම වර්ග 60-70ක් අතර බිරියානි වර්ග හැම ප්‍රදේශයකම දක්නට ලැබෙනවා .
අපේ මඩකළපුව ප්‍රදේශයට ගියහොත් විශේෂ බිරියානි වර්ගයක රස විඳීමට ඔබට අවස්ථාව ලැබෙනවා. අපි ඇයි එය අළෙවි නොකරන්නේ? තායිලන්ත ජාතිකයින් ඔවුන්ගේ ආහාර අලෙවි කර ඇති ආකාරය බලන්න. ඉන්දියාවේවත් නැති චිකන් ටික්කා මසාලා තායිලන්තය මාකට් කරනවා. එක් එක් ප්‍රදේශ වලට ආවේණික බිරියානි වර්ග සකස් කළ යුතුයි.

අපි බිම්ස්ටෙක් කලාපය විවෘත කළ යුතුයි. ඇයි අපි බෙංගාල බොක්ක මුහුදු ගමන් සඳහා භාවිතා නොකරන්නේ? නැඟෙනහිර ආසියාවේ, ඉන්දියාවෙන්, අග්නිදිග ආසියාවෙන්, බටහිර ආසියාවෙන්, අප්‍රිකාවෙන් සංචාරකයන් පැමිණෙනවා නම් අපි ඔවුන්ට අවශ්‍ය පහසුම් සලසා දිය යුතුයි. මහාබලිපුරම්, ඔඩිෂා වැනි ස්ථාන යුරෝපීයයන් සහ අනෙකුත් සංචාරකයින් නැරඹිය යුතුයි. කොක්ස් බසාර් එක නැරඹීමට, අන්දමන් දූපත් හරහා ගමන් කිරීමට අවස්ථාව ලැබිය යුතු අතර, එය දැනටමත් ඉන්දියානුවන්ගෙන් පිරී තිබෙනවා. මියන්මාරය දෙස බලන්න. ඔවුන්ට අන්දමන් මුහුදේ සිට සිංගප්පූරුව දක්වා ගමන් කළ හැකියි.

ඇයි අපේ සංචාරක සැලසුම් දැන් ආරම්භ කළොත් තවත් වසර 10ක් ගතවන විට අපට දියුණු සංචාරක කර්මාන්තයක් හිමි වෙනවා. සංචාරක ගමනාගමනය සඳහා අපට නිසි සැලසුම් නැත්තේ ඇයි? ඔබ ලුම්බිණියට ගිය පසු ඊළඟ ගුවන් යානය ඔබව බුද්ධගයාවට ගෙන යනවා. ඊළඟ ගුවන් යානය ඔබව කොළඹට ගෙන යා යුතුය. එවිට දළදා මාලිගාව, ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගත හැකියි. අප එලෙස මෙම සැලසුම් සකස් කළ යුතුයි.

වසරකට සංචාරකයන් මිලියන ගණනක් අපේ කලාපයට ගෙන්වා ගැනීමට අප සැලසුම් සකස් කළ යුතුයි. ඒ අනුව බිම්ස්ටෙක් කලාපය විශාල සංචාරක කලාපයක් බවට පත්වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ අවධානය යොමු කළ විට දැන් ඉන්දියාව ඉදිරියෙන් සිටිනවා. අපි ක්‍රිකට් ක්‍රීඩාවෙන් මෙතරම් විශාල සාර්ථකත්වයක් ලබා තිබෙනවා නම්, ඇයි අපට එකට එකතු වී සංචාරක ව්‍යාපාරයෙන් විශාල සාර්ථකත්වයක් ලබා ගත නොහැකි. අපි සියලුදෙනා එකට එක් වී අපේ කලාපය සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය කර ජනතාවගේ ජිවිත සමෘද්ධිමත් කිරීමට කැප වෙමු.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා,
මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පැමිණීම මම ඉතා අගය කොට සලකනවා. පසුගිය සති අන්තයේ ශ්‍රී ලංකාවේ සුන්දරම ප්‍රදේශ කිහිපයක් හරහා අමතක නොවන දුම්රිය ගමනක් ඔබ වෙනුවෙන් ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා. ඒ සඳහා මා ඇතුළු පිරිසක්ද සහභාගී වුණා.
මා එසේ සඳහන් කළේ ශ්‍රී ලංකාවේ මීදුම සහිත වනාන්තර, වතුකරය සහ සුන්දර භූ දර්ශනය හරහා ගිය සුන්දර ගමන සිහිපත් කිරීමට පමණක් නොවෙයි. එහිදී මට කරුණු දෙකක් සිහිපත් වුණා. ඉන් එකක් නම්, ඉන්දියාවේ සිට පැමිණි පිරිසට හුරු පුරුදු පරිසරයක් මෙහි තිබෙන බවයි.
එමෙන්ම වසුරි සහ නීල්ගිරිස් ප්‍රදේශ සඳහා යන ගමන් මඟ සිහිපත් වෙනවා. වසුරියට සමාන උෂ්ණත්වයක් සහිත ප්‍රදේශයක වැටී තිබෙන මෙම දුම්රිය ගමන දෙපස ඇති තේ වතු නිසාම ඉන්දීය ජනතාවට නිලගිරී දෙසට ගමන් කරන අන්දමක් සිහිපත් කරනවා. එම දුම්රිය ගමනේ, ගමනාන්තය වන ලෝකයේ ප්‍රසිද්ධ ආරුක්කු නවයේ පාලම හා ප්‍රසිද්ධ ඇල්ල නම් ස්ථානයට ළඟා වූ විට, මට මගේ ඇස් අදහා ගත නොහැකි වුණා. එම ප්‍රදේශය සංචාරකයන්ගේ පාරාදිසයක් බවට පත්වී තිබෙනවා. ඒ තරමටම එය ආකාර්ෂණීයයි. ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ වෙනත් රටවලින් පැමිණි සංචාරකයන් එහි සිටියා.

ජනාධිපතිතුමනි, ඔබ මෙහි පැමිණීම ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ සමෘද්ධිය සඳහා වඩාත් සමීප හා සහයෝගීතා පියවරක් ලෙසයි මා දකින්නේ.
ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාවය දැඩි සහෝදර සම්බන්ධතාවයක්. ඒ වගේම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර භූගෝලීය සමීපත්වය පිළිබඳ අපි කවුරුත් දන්නවා. දශක ගණනාවක් පුරා පවතින දෙරට අතර මෙම භූගෝලීය සමීපත්වය ඉතිහාසය, සංස්කෘතිය, ශිෂ්ටාචාරය, ආගම්, භාෂා, සංගීතය, චිත්‍රපට, ක්‍රිකට් ක්‍රීඩාව, ප්‍රජාතන්ත්‍රවාදය, විවිධත්වය, ගෞරවය, සාමය යන අංශවලින් සාක්ෂි දරනවා.

මෙම සමුළුව පැවැත්වීම සඳහා සත්කාරකත්වය ලබාදීම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යවරයාට මෙන්ම ඒ සඳහා නායකත්වය දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මාගේ විශේෂ ස්තුතිය පුද කළ යුතුයි.

පසුගිය මාස කිහිපය තුළ සතියකට හතර වතාවක් ක්‍රියාත්මක වූ චෙන්නායි – යාපනය ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට පමණක් නොව, මෙම ගුවන් ගමන් ජූලි 16 වනදායින් ආරම්භ වන සතියේ සිට සෑම දිනකම ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව තිබෙනවා . දශක ගණනාවක් තිස්සේ ධාවනය නොවූ දෙරට අතර බෝට්ටු සේවාව නැවත ආරම්භ කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ජාත්‍යන්තර නෞකාවක් පිළිබඳ අදහස තවදුරටත් අදහසක් පමණක් නොවන බව කිවයුතුයි.

ඉන්දියානු සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ ගෙවීම් සඳහා දැන් ඔවුන්ගේ මුදල් භාවිතා කළ හැකි බැවින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මුදල් භාවිතය ද සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට හේතුවක්.දෙරට අතර ඩිජිටල් ගෙවීම් සක්‍රීය කිරීමට පියවර ගනිමින් සිටින අතර මෙය දේශසීමා ඉක්මවා ගොස් ජීවිත පරිවර්තනය කිරීමට පමණක් නොව, අපගේ පොදු උරුමය ගොඩනැගීමටද හේතුවනු නිසැකයි.

වරාය හා නාවික කටයුතු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ඉන්දියානු සංචාරක නියෝජිත සංගමයේ සභාපති ජෝති මායල් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

The post ඉදිරි දශකය තුළ රටට විදේශ විනිමය උපයා දෙන ප්රමුඛ ක්ෂේත්රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරනවා – ජනපති appeared first on ITN News.

You may also like

- island.lk

Madhavi Prarthana Jayalath from Maradankadawala, Anuradhapura and H.D. Miyuranga were crowned New Year Princess and Prince at the ‘ Wasath Siriya 2024’ Sinhala and Tamil New Year celebrations organised by the welfare association of the Presidential Secretariat  and held at the Shangri-La Green on Sunday (27) K.P. Ayesha Jayasundara from Kurunegala and  Prabhani Edirisinghe from […...

- island.lk

Royal Challengers Bengaluru overcame any vulnerabilities against spin in some style against Gujarat Titans, running down a target of 201 with nine wickets in hand and four overs to spare in Ahmedabad. Virat Kohli’s unbeaten 70 off 44 balls – 34 of them against spin – led the charge before a blitz from Will Jacks  […]

- adaderana.lk

Leader of the National People s Power (NPP) Anura Kumara Dissanayaka states that opposing political factions might unite in order to ensure that the NPP will not come into power.

- adaderana.lk

An underworld figure from Angoda who was attempting to leave the country using a forged passport has been arrested at the Bandaranaike International Airport (BIA) in Katunayake.

- colombotelegraph.com

[…]The post ජාතික අධ්යාපන ප්රතිපත්ති රාමුව; ඉල්ලකය වරදවාගත් අදමිටු, අසම්පුර්ණ ලියවිල්ල: කොටස II appeared first on Colombo Telegraph.

- adaderana.lk

The Meteorology Department has issued a Heat Index Advisory for Northern, North-central, Sabaragamuwa, Eastern and North-Western provinces and Monaragala, Hambantota districts.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc