රංගන ශිල්පිනී කාන්ති ගුණතුංග මහත්මිය අභාවප්රාප්ත වෙයි
සිංහල සිනමාවේ ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පිනියක් වන කාන්ති ගුණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වුණා.
මිය යන විට ඒ මහත්මිය අසූහය හැවිරිදි වියේ පසු වුණා.
නවසීලන්තයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඇය මිය ගියේ. සුරංගනී චිත්‍රපටය හරහා රංගනයට පිවිසි කාන්ති ගුණතුංග මහත්මිය දොස්තර, දුප්පතාගේ දුක, සූරසේන, සූරයා, සංදේශය, වනමෝහිනී, චිත්‍රපට සදහා රංගනයෙන් දායක වී තිබෙනවා.
ඇය ටෙලිනාට්‍ය ගණනාවකටද රංගනයෙන් දායක වී ඇති අතර පූජා හා විශ්ව ගමන ඒ අතුරින් සුවිශේෂ වනවා.
The post රංගන ශිල්පිනී කාන්ති ගුණතුංග මහත්මිය අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.