මන්නාරම් වෙරළට ගොඩ ගැසූ ටග් බෝට්ටුව
මන්නාරම නඩුකුඩා මුහුදු වෙරළ සීමාවට ඉන්දියාවට අයත් යැයි සැකකෙරෙන විශාල ටග් බෝට්ටුවක් ඊයේ දින ගොඩ ගසා තිබෙනවා.
නඩුකුඩා මුහුදු සීමාවට පාවෙමින් ආ මෙම විශාල ටග් යාත්‍රාව නාවික හමුදා නිලධාරීන් නිරීක්ෂණය කිරීමේන් අනතුරුව නාවික හමුදාවේ විශේෂ නෞකාවක් මගින් නඩුකුඩා මුහුදු වෙරල සීමාවට ඇදගෙන ඒමට පියවර ගෙන තිබුණා.
නැව්වලට භාණ්ඩ පැටවීමට හා ජලය වැනි දේ රැගෙන යාමට මෙම ටග් බෝට්ටු භාවිත කරන බව නාවික හමුදාව පවසන අතරම මෙම ටග් යාත්‍රාෙව් කිසිවෙකුත් නොමැතිව තලෙයිමන්නාරම් මුහුදු සීමාවට පාවී ඒමට විශේෂ හේතුවක් තිබය යුතු අතර යාත්‍රාෙව් සිටි අයට යම් කරදරයක් සිදුවී ඇත්දැයි යන්න පිළිබඳව නාවික හමුදාව විසින් සෝදිසි මෙහෙයුමක් දියත් කොට තිබෙනවා.
The post මන්නාරම් වෙරළට ගොඩ ගැසූ ටග් බෝට්ටුව appeared first on ITN News.