ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි පළමු T20 තරගයේ ජය නවසීලන්තයට
සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පී සරා ඕවල් පිටියේ අද පැවති පළමු පන්දුවාර 20 තරගයේ ජය හිමි කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 106ක් ලබාගත්තා.
ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5ක් තුළ කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.
The post ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි පළමු T20 තරගයේ ජය නවසීලන්තයට appeared first on ITN News.