අක්කර 22000ක බඩ ඉරිඟු වගා කිරීමට පියවර
දිස්ත්‍රික්ක 5ක අක්කර විසි දෙදහසක බඩ ඉරිගු වගා කිරීමට පියවර ගෙන තිබෙනවා.
බිම් සැකසීම සදහා ගොවීන්ට රුපියල් විසිදහසක ආධාර මුදලක්ද ලබා දීමටයි රජය පියවර ගෙන ඇත්තේ.
හම්බන්තොට, මොනරාගල, අනුරාධපුරය, අම්පාර හා බදුල්ල යන දිස්ත්‍රික්කවල මෙවර මහ කන්නයේදී බඩඉරිගු වගා කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ සදහා බිම් සකස් කර ගැනීමට අක්කරයකට රුපියල් විසිදහස බැගින් ගොවීන්ට ලබා දීමටයි කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ. මෙම මුදල නැවත අය නොකෙරෙන මුදලක් වන අතර ගොවින්ට බීජ සහ පොහොර ඇතුළු තවත් සහන රැසක් ලබා දීමට කෘසිකර්ම දෙපාර්තමේන්තුව තිරණය කර තිබෙනවා.
කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගීත්ව වැඩසටහන යටතේ මෙම වැඩපිලිවෙල ක්‍රියාවට නැංවෙන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.
The post අක්කර 22000ක බඩ ඉරිඟු වගා කිරීමට පියවර appeared first on ITN News.