වසර පහක් තුළ එළුවන් 70,000ක් අඩු ආදායම්ලාභි පවුල්වලට බෙදා දීම ඇරඹේ
මෙරට එළු පාලනය විදිමත් කිරීමටත් අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමත් අරමුණු කරගනිමින් වසර පහක් තුළ එළුවන් 70,000ක් බෙදාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ග්‍රාමීය සංවර්ධන අංශය සඳහා මෙම කටයුතු වෙනුවෙන් රජය විසින් මෙම වසර සඳහා රුපියල් මිලියන 150ක මුදලක් වෙන් කර තිබේ.
ඒ අනුව එම වැඩසටහන යටතේ දෙමුහුන් ජම්නපාරී විශේෂයට අයත් එළුවන් අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීම අද දින 09 රන්න වාඩිගල දී ආරම්භ විය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් වාඩිගල ග්‍රාමය කෘෂිකර්ම ව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීම අද දින ආරම්භ විය. කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වශයෙන් ගම්මාන හතක් සංවර්ධනය කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.
අඩු ආදායම්ලාභී පවුල්වලට එළුවන් ලබාදීම යටතේ එක් පවුළකට එළුවන් තුන්දෙනෙක් බැගින් ලබා දෙනු ලැබීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම ව්‍යවසායකත්ව ගම්මාන 07ක් ස්ථාපිත කර ඇති අතර එක් ගමකින් පවුල් 10ක් බැගින් තෝරාගෙන ඔවුන්ට එළුවන් බෙදා දෙනු ලබයි.
මේ අයුරින් උතුරු නැගෙනහිර ඇතුළු සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි එළු පාලනයට කැමති, පහසුකම් ඇති පවුල් තෝරාගෙන ඔවුන්ට දෙමුහුන් එළුවන් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ..
අද දින (09) එළුවන් ලබා දීම ආරම්භ කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම වසර තුළ එළුවන් 7000ක් ලබා දීමට සැළසුම් කර ඇතැයි සඳහන් කළේය.
මීට සමගාමීව වාඩිගල අවට ග්‍රාමීය වැව් වන හාමු මහත්තයගේ ආර වැව, නෝනාගේ ආර වැව, පන්විල වැව, විචකුලාඅරවැව හා එම වැව් යටතේ කෘෂිකර්ම මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමද අද දින ආරම්භ විය.
The post වසර පහක් තුළ එළුවන් 70,000ක් අඩු ආදායම්ලාභි පවුල්වලට බෙදා දීම ඇරඹේ appeared first on ITN News.