4චූන් රෙසිඩන්සි ITN නවතම ටෙලි නාට්ය ලබන 24 වනදා සිට
ස්වාධීන රූපවාහිනිය ටෙලි නාට්‍යයේ නව අත්දැකීමක් ප්‍රේක්ෂකයන් වෙත ලබාදීමේ අරමුණින් ලබන 24වනදා නව පියවරක් තැබීමට සුදානමින් සිටිනවා. ඒ ස්වාධීන රූපවාහිනියේ නවතම ටෙලි නාට්‍ය වන ෆෝචූන් රෙසිඩන්සි ටෙලි නාට්‍ය විකාශනය ආරම්භ කරමින්.
ෆෝචූන් රෙසිඩන්සි ටෙලි නාට්‍ය සුපුන් රත්නායකගේ තිර රචනය සහ අධ්‍යක්ෂණය වන අතර එහි නිෂ්පාදනයට දායකවී තිබෙන්නේ චන්දිම කනකරත්නයි. ජයනි සේනානායක, සමනලී ෆෝන්සේකා, ශලනි තාරකා, දසුන් පතිරණ, සූර්යා දයාරුවන් ඇතුළු රංගන ශිල්පින් රැසක් එම ටෙලි නාට්‍ය සදහා සිය රංගන දායකත්වය ලබාදෙනවා. ෆෝචූන් ටෙලි නාට්‍යයේ විශේෂ දර්ශන වාරයක් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනි ශාලාවේ දී පැවැත්වුණා. ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන් මෙන්ම නාට්‍ය සදහා දායකත්වය දැක්වු බොහෝ පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
ලබන 24වනදා සිට සතියේ දින පහේ රාත්‍රී 9ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ෆෝචූන් රෙසිඩන්සි ටෙලි නාට්‍ය විකාශනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.
The post 4චූන් රෙසිඩන්සි ITN නවතම ටෙලි නාට්ය ලබන 24 වනදා සිට appeared first on ITN News.