බහුදින යාත්රාවක පිළිස්සුම් තුවාල සහිත ධීවරයෙක්
දකුණු මුහුදේ සිදුවූ අනතුරක් හේතුවෙන් පිළිස්සුම් තුවාල ලැබූ බහුදින ධීවර යාත්රාවක සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා පියවර ගෙන තිබේ.<br><br>නාවික හමුදාව සඳහන් කළේ, ගාල්ලේ සිට නාවික සැතපුම් 431ක් පමණ ශ්රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදු ප්රදේශයේ දී අනතුරක් හේතුවෙන් එම ධීවරයා පිළිස්සුම් තුවාල ලබා ඇති බවය.