පැරා මලල ක්රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීමෙන් දිනේෂ් ප්රියන්තට ලෝකඩ පදක්කමක්
ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී හෙල්ල විසිකිරීමේ කණ්ඩයෙන් ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත්වුණා.
පාදයේ වළලුකර ආශ්‍රිතව ඇතිවූ ආබාධයක් හේතුවෙන් අපහසුතාවකින් යුතුවයි දිනේෂ් මෙම ඉසව්ව සදහා තරගවැදුනේ. එහිදී ඔහු පෙන්නුම් කළ දක්ෂතාව මීටර් 65.3ක්. එම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනාගත් ඉන්දීය ක්‍රීඩකයා දැක්වූ දක්ෂතාව මීටර් 65.41ක්.
මෙම ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන දිනේෂ් එම දක්ෂතාව පෙන්නුම් කළේ 2020 වසරේ ටෝකියෝ පැරා ඔලිම්පික් තරගාවලියේදීයි.
The post පැරා මලල ක්රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීමෙන් දිනේෂ් ප්රියන්තට ලෝකඩ පදක්කමක් appeared first on ITN News.