එජාප තරුණ වෘත්තීය වේදීන්ගේ සංවිධානයේ විධායක සභාවේ ප්රථම රැස්වීම පැවැත්වෙයි
එක්සත් ජාතික පක්ෂ තරුණ වෘත්තීය වේදීන්ගේ සංවිධානය ආරම්භ කිරිම හා විධායක සභාවේ ප්රථම රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා.
වසර 2048 වන විට පූර්ණ සංවර්ධිත රටක් බවට පත් කිරිමට කර ඇති සැලසුම එක්සත් ජාතික පක්ෂ තරුණ වෘත්තීයවේදීන් මෙහිදී ජනගත කළා. ඒ වෙනුවෙන් පෙළ ගැසී ක්‍රියා කිරීම තරුණ වෘත්තියවේදීන්ගේ අරමුණයි. ඉලක්ක ගත සංවර්ධන වැඩපිලිවෙල වෙනුවෙන් ඔවුන් කරුණු 5ක් මුල්ගරගනිමින් සැකසූ මාර්ගගත සැලැස්ම හදුන්වා දීම ද මෙහිදී සිදුවුණා.
ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතායි මීට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වුයේ. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post එජාප තරුණ වෘත්තීය වේදීන්ගේ සංවිධානයේ විධායක සභාවේ ප්රථම රැස්වීම පැවැත්වෙයි appeared first on ITN News.