අමාත්ය අලි සබ්රි තායිලන්ත අග්රාමාත්යවරයා හමුවෙයි
තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුවට සහභාගිවීම සඳහා එරටට ගොස් සිටින අමාත්‍ය අලි සබ්රි මහතා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා හමුවුණා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උණුසුම් සුබපැතුම් තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට පිරිනැමූ අලිසබ්රි මහතා දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබද සාකච්ඡා කළා.
තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ අමාත්‍යවරයා සමඟ ද අලි සබ්රි මහතා සාකච්ඡාවක නිරත වුණා.
දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබද මෙහිදී අවදානය යොමුවුණා.
තායි සංචාරකයින්ගේ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකා ප්‍රවර්ධනය කිරීම සහ කලාපීය විස්ථීරණ ආර්ථික හවුල්කාරීත්වයට සම්බන්ධවීමට ශ්‍රී ලංකාවට සහාය දැක්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
The post අමාත්ය අලි සබ්රි තායිලන්ත අග්රාමාත්යවරයා හමුවෙයි appeared first on ITN News.