ඖෂධ සම්බන්ධයෙන් දේශපාලන මතයක් ගොඩනැගීමට ඇතැම් පිරිසක් උත්සහ දරනවා – සමන් රත්නප්රිය
අනුමැතියකින් තොරව මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයට විරෝධය පළකරමින් පෙත්සමකට අද අත්සන් තැබුණා.
මෙම චක්‍රලේඛයට විරෝධය පළ කරමින් සෞඛ්‍ය වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන පෙත්සමකට අත්සන් තැබීමෙන් අනතුරුව පා ගමනින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණියා.
පෙර දැනුම්දීමකින් ද තොරව සෞඛ්‍ය ලේකම්වරයාගේ කාර්යාලයට ඇතුළු වී සංදේශය භාරදීමටයි ඔවුන් කටයුතු කලේ.
මෙම තත්ත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය අවට විශේෂ ආරක්ෂාවක් ද යොදවා තිබුණා.
මේ අතර ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කලේ ඖෂධ සම්බන්ධයෙන් දේශපාලන මතයක් ගොඩනැගීමට ඇතැම් පිරිසක් උත්සහ දරමින් සිටින බවයි.
The post ඖෂධ සම්බන්ධයෙන් දේශපාලන මතයක් ගොඩනැගීමට ඇතැම් පිරිසක් උත්සහ දරනවා – සමන් රත්නප්රිය appeared first on ITN News.