නිවාස 25000ක් ඉදි කිරීමේ ව්යාපෘතියක් – වහලයට සූර්ය පැනල
ග්‍රාමීය නිවාස 25000ක් ඉදි කිරීම සහ එම නිවාස සදහා වහලය මත සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳව සාකච්ඡාවක් නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සමග අද(27) උදෑසන පවත්වා තිබෙනවා.
පෞද්ගලික මුල්‍ය ආයෝජනයක් මත නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සමග ඒකාබද්ධව සිදු කිරීමට බලාපොරොත්තු වන මෙම ව්‍යාපෘතිය මගින් අඩුආදායම්ලාභී පවුල් වෙනුවෙන් නව නිවාස ඉදි කිරීමට බලාපොරොතු වන අතර එම නිවෙස් වල වහලය මත සවිකරන සූර්ය පැනලවල විදුලිබලය ජාතික පද්ධතියට ලබාදීමෙන් ලැබෙන ආදායම මගින්, නිවාසය ඉදිකිරීමේ හා සූර්ය පැනල වෙනුවෙන් වැය වූ මුදල් ආවරණය කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බවයි විදුලි බල අමාත්‍යාංශය පැවසුවේ.
වියාපෘතියේ ආයෝජනය, ඉදිකිරීම් සහ ක්‍රියාවට නැංවීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙහිදී අදාල පාර්ශව කරුවන් සමග සාකච්ඡාවට ගෙන තිබෙනවා.
The post නිවාස 25000ක් ඉදි කිරීමේ ව්යාපෘතියක් – වහලයට සූර්ය පැනල appeared first on ITN News.