අධිකරණ ප්රතිසංස්කරණවලට එරෙහිව ඊශ්රාලයේ තවදුරටත් උද්ඝෝෂණ
ඊශ්‍රාලයේ ක්‍රියාත්මක අධිකරණ ප්‍රතිසංස්කරණවලට විරෝධය දක්වමින් තවදුරටත් උද්ඝෝෂණ ක්‍රියාත්මකයි.
ඊශ්‍රායල ශ්‍රේෂ්ඨාධිකරණයේ බලය සීමා කරමින් පසුගිය සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සංශෝධනන වැඩි ඡන්දයෙන් සම්මත කෙරුණා.
ඒ සමඟම එරට රජයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තීන්දු ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් හිමිවන්නේ නැහැ.
ඊට විරෝධය පලකරමින් රට පුරා දහස් ගණනක ජනතාවක් උද්ඝෝෂණවල නිරත වනවා.
අඛණ්ඩව 30 වන සතියටයි උද්ඝෝෂණ ක්‍රියාත්මක වන්නේ.
නව අධිකරණ ප්‍රතිසංස්කරන හෙට දිනයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.
කෙසේ වුවද නව ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සළකා බැලීමට සූදානම් බවයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත්තේ.
The post අධිකරණ ප්රතිසංස්කරණවලට එරෙහිව ඊශ්රාලයේ තවදුරටත් උද්ඝෝෂණ appeared first on ITN News.