How can Sri Lankan charities find international donors and partners?

මාස 6 ක් තුළ නව වෛද්ය පනතක් සමඟ සෞඛ්ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීමේ මග ජනපති පහදයි

- itnnews.lk

ජනතාවගේ සෞඛ්‍ය හා යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා මාස හයක් ඇතුළත නව වෛද්‍ය පනතක් සම්පාදනය කොට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස්  ලබාදී තිබෙනවා.

ඒ අනුව පවතින වෛද්‍ය අඥා පනතේ සිදු කළ යුතු කාලීන වෙනස්කම් අධ්‍යයනය කරමින් යෝජිත නව වෛද්‍ය පනත සකස් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, නීති කෙටුම්පත් සම්පාදක සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිගෙන් සමන්විත ඉහළ මට්ටමේ කමිටුවක් මගින් සිදුකිරීමට නියමිතයි.

යෝජිත වෛද්‍ය පනත මඟින් දැනට පවතින වෛද්‍ය ආඥාපනතේ අඩුපාඩු මග හැර ගනිමින් මහජන හිතකාමී සෞඛ්‍ය සේවාවක් තහවුරු කල හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද ජනාධිපති කාර්‍යාලයේ පැවති සාකච්ඡාවකදී යි.
සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කිරීම සහ සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෙන ඇති පියවර පසු විපරම් කිරීම වෙනුවෙන් මෙම සාකච්ඡාව කැඳවා තිබුණා.

ඉදිරි මාස තුන සඳහා ප්‍රමාණවත් වන පරිදි කඩිනම් වෛද්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ රුපියල් බිලියන 30 ක අතිරේක ප්‍රතිපාදන ලබා දීමට ද මෙහිදී තීරණය කෙරුණා.

එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) අනුමත වෙනත් රටවල ඖෂධ සහ නිර්දේශිත ඖෂධ මෙරටදී අනුමත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියට උපදෙස් ලබා දුන්නා.

ඒ වෙනුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ අවශ්‍ය සංශෝධන සිදු කොට අත්‍යාවශය ඖෂධ ක්‍රමවත්ව සහ කඩිනමින් ලබා ගැනීම නිශ්චය කර ගැනීම සඳහා පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

වෛද්‍ය නිෂ්පාදන නියාමනය කිරීම සහ මහජන සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) කාර්යභාරය ශක්තිමත් කිරීම වෙනුවෙන් සවිස්තර වාර්තාවක් සපයන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන් වෙත දැනුම්දී තිබෙනවා.

ඖෂධ බෙදාහැරීම සහ ලේඛනගත කිරීම කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා වන ප්‍රයත්නයන් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණු අතර, සති දෙකකට පෙර පැවති සාකච්ඡාවේදී තීන්දු කළ පරිදි පවතින ඖෂධ සහ ඒවා රෝහල් අතර බෙදා හැරීම පිළිබඳ එසැණ තොරතුරු ලබා දීමට වෙබ් පාදක ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.

ගුණාත්මක ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා සරල සහ විනිවිද භාවයකින් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සකස් කිරීම සඳහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් ද මෙහිදී පත් කරනු ලැබුවා.

 

The post මාස 6 ක් තුළ නව වෛද්ය පනතක් සමඟ සෞඛ්ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීමේ මග ජනපති පහදයි appeared first on ITN News.

You may also like

- adaderana.lk

An underworld figure from Angoda who was attempting to leave the country using a forged passport has been arrested at the Bandaranaike International Airport (BIA) in Katunayake.

- colombotelegraph.com

[…]The post ජාතික අධ්යාපන ප්රතිපත්ති රාමුව; ඉල්ලකය වරදවාගත් අදමිටු, අසම්පුර්ණ ලියවිල්ල: කොටස II appeared first on Colombo Telegraph.

- adaderana.lk

The Meteorology Department has issued a Heat Index Advisory for Northern, North-central, Sabaragamuwa, Eastern and North-Western provinces and Monaragala, Hambantota districts.

- island.lk

Yemen’s Houthis have damaged an oil tanker and downed another MQ-9 Reaper drone of the United States as they promise more attacks in opposition to Israel’s war on Gaza. The Iran-aligned group’s military spokesman, Yahya Saree, said in his latest televised video address early on Saturday that “British oil ship Andromeda Star” was targeted in […]

- island.lk

In the sleepy, verdant village of Ambagaswewa, in the Polonnaruwa district of Sri Lanka’s North Central province, 63-year-old TMH Gamini Sunil Thennakoon’s life is peaceful for the most part. On the brink of retirement, he still spends most days out working his rice paddies but is also content spending his days playing with his grandchildren […]

- adaderana.lk

A brazen intruder was captured walking across a jet bridge and onto a busy tarmac before he tried to board a nearby plane at an Australian airport.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc